පැරණි ක්‍රමයට ගිනි දල්වමු
- 2020-01-31 08:55:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බාලදක්ෂයා සහ ගින්දර අතර තිබෙන්නේ සමීප සබඳතාවකි. එයට හේතුව එළිමහනේ කඳවුරැ බඳින බාලදක්ෂයින් හට ආහාර පිසීම, සීතලෙන් ආරක්ෂා වීම, වන සතුන්ගෙන් ආරක්ෂා වීම සහ පණිවිඩ යැවීම ආදියට ගින්දර ප්‍රයෝජනවත් වීමය.
මෙහි දැක්වෙන්නේ පැරණි ක්‍රමයට ගිනි දැල්වූ ආකාරයයි. එම ක්‍රම බාලදක්ෂ ඔබගේ එළිමහන් ජීවිතයට ද ඈඳා ගත හැකිය.
ගිනි උත්පාදක වර්ග හඳුනා ගනිමු
පැරණි පුරෝගාමීන් විවිධ හැඩතල අනුසාරයෙන් ගිනි උත්පාදක නිෂ්පාදනය කළෝය. ඒවාට ආදේශ කළ හැඩතල අනුව නම් යොදන ලදී.
ඒ අතර ප්‍රචලිත වූ හැඩතල කිහිපයක් ඇත. “U* හැඩැති ගිනි උත්පාදක, “C* හැඩැති ගිනි උත්පාදක, නාග පෙන ගිනි උත්පාදක, මී නැටි ගිනි උත්පාදක සහ ඕවලාකාර ගිනි උත්පාදක ඒ අතර වෙයි.
මෙහි දැක්වෙන්නේ එම හැඩතල ඇසුරින් නිර්මාණය කරගත් ගිනි උත්පාදකය.
ගිනි උත්පාදකය
ගිනි උත්පාදකය ශක්තිමත් වානේ දණ්ඩකින් නිර්මාණය කළ යුතුය. එය එක අතකින් අල්ලා ගත හැකි ප්‍රමාණයේ කුඩා මෙවලමක්ය. අත්ල මත හෝ ඇඟිලි මත එය රඳවා ප්‍රයෝජනයට ගත යුතුය.
ඉපැරණි ගිනි උත්පාදක
පැරුන්නන් භාවිත කළ ගිනි උත්පාදක පුරාවිද්‍යා කැණීම්වලින් සොයාගෙන ඇත.
එම ගිනි උත්පාදක අදින් වසර දහසකට ඉහත දී භාවිත කරන්නට ඇති බව කාබන් 14 පරීක්ෂණ මගින් තහවුරැ වී ඇත. මෙහි දැක්වෙන්නේ අතීතයේ භාවිත කළ ගිනි උත්පාදක කිහිපයකි.
ගිනි උත්පාදක කට්ටලය
ගිනි උත්පාදක කට්ටලයක අඩංගු දෑ මෙහි දැක්වෙයි. ගිනි ගල් පතුරක්, හණ නූල් කැබැල්ලක්, ගිනි උත්පාදකයක් ඒ තුළ වෙයි.
ගිනි උත්පාදකයක් හදමු
බාලදක්ෂ ඔබගේ එළිමහන් දිවියේ දී ප්‍රයෝජනයට ගත හැකි ගිනි උත්පාදකයක් ඔබටම නිර්මාණය කළ හැකිය. ඒ සඳහා භාවිත කර ඉවත් කළ පීරක් සොයා ගත යුතුය.
රෑපයේ දැක්වෙන අයුරින් පීර ගිනියම් වන තුරැ ගිනි අඟුරැ මත තබා කිණිහිරයක ආධාරයෙන් හැඩගන්වා ගත යුතුය. හැඩගැන්වු රත්වු ගිනි උත්පාදකය වාහනයකින් ඉවත් කළ තෙල් භාජනයක ගිල්වා තැබීමෙන් පන්නරය වෙයි.
එසේ පණපෙවූ ගිනි උත්පාදකය හා ගිනි ගල් කැබැල්ල එකින් එක ඇතිල්ලීමෙන් ගිනි පුපුරැ පිටවෙයි. හණ නූලක් හෝ පුළුන් ස්වල්පයක් ඊට ස්පර්ශ කළ විට ගිනි ඇවිළෙයි. එසේ ඇවිළෙන ගින්න ක්‍රමයෙන් බෝ කර ගත යුතුය.
Reply To:
Name - Reply Comment
0 Comments