බාලදක්ෂයෝ පැළ ලක්ෂයක් සිටුවීම අරඹති
- 2021-02-23 14:17:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පැළලක්‍ෂයක් සිටුවීමේ ජාතික බාලදක්‍ෂක්‍රියාන්විතය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේදී ආරම්භ විය.
ලෝක බාලදක්‍ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 164වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ.
ඒ අනුව දිවයින පුරා විසිරී සිටින 70,000ට අධික බාලදක්‍ෂයන් විසින් පැළ 02 බැගින් තම ගෙවත්තේ සිටුවා රැක බලා ගැනීම සිදු කෙරෙන අතර,%තුරු^ නමැති ජංගම දුරකථන යෙදුම මගින් එය ඇගයීම සිදු කෙරේ.
එසේම ඊයේ උදෑසන සිදු කෙරුණු මෙම වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාවේදී කර ලේන්සුව පලඳවා ජනාධිපතිවරයා පිළිගැනීම ප්‍රධාන බාලදක්‍ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විසින් සිදුකර ඇති අතර, එහිදී ජනාධිපතිවරයා විසින් රත් සඳුන් පැළයක් රෝපණය කර තිබේ.
අනතුරුව එම පැළය ජංගම දුරකථනය හරහා ලියාපදිංචි කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කර ඇත.
මීට අමතරව මෙම වැඩසටහනට එක්වෙමින් පරිසර අමාත්‍යාංශය විසින්ද ඊයේ උදෑසන නා පැළයක් රෝපණය කිරීමට කටයුතු කර තිබිණි. එහිදී එම අමාත්‍යාංශය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අමාත්‍යාංශ පරිශ්‍රයේදී අදාළ පැළය රෝපණය කර ඇති අතර, බාලදක්‍ෂයන් කිහිප දෙනෙකුද ඊට එක්ව ඇත. (WMDJBM)
Reply To:
Name - Reply Comment
0 Comments