බාලදක්ෂ රුලිය කරළියට

2024 මැයි මස 07 ප.ව. 09:24 - {{hitsCtrl.values.hits}}  

තෝරාගත් දිනයක හෝරා කිහිපයක දී බාලදක්ෂයින් විශාල පිරිසක් එකම ස්ථානයකට එක්ව තම අභිප්‍රායයන් මුදුන්පත් කරගන්නා වේදිකාවක් ලෙස බාලදක්ෂ රුලිය හැඳින්විය කළ හැකිය. එවැනි බාලදක්ෂ රුලි රුසක් ශ්‍රී ලංකාවේ පවත්වා ඇත. 1917 වසරේ දී කොළඹ හැව්ලොක් තුරඟ තරග පිටියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලදක්ෂ රුලිය පැවැත්වීය. සමස්ත ලංකා මට්ටමින් පැවැත්වූ එම රුලිය ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරරයේ ඓතිහාසික සිදුවීමක් විය.

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ රුලි පුරාණය
ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළ 1912 සිට වර්තමානය දක්වා පැවැත්වූ බාලදක්ෂ රුලි ගණන හයකි. ඒවා පහත දැක්වෙයි. 
පළමු ජාතික රුලිය - 1917 දී කොළඹ තුරග තරඟ පිටිය
දෙවැනි ජාතික රුලිය - 1918 දී මහනුවර
තෙවැනි ජාතික රුලිය - 1919 දී මහනුවර
සිව්වැනි ජාතික රුලිය - 1921 වර්ෂයේ කොළඹ තුරඟ තරග පිටිය
පස්වැනි ජාතික රුලිය - 1922 දී මහනුවර
හයවැනි ජාතික රුලිය - 1924 කොළඹ නගරය

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර 106 ක් ඇතුළත ජාතික මට්ටමේ බාලදක්ෂ රුළි හයක් පවත්වා ඇත. ඒ අතරින් 4,5 සහ 6 වැනි ජාතික බාලදක්ෂ රුලි ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත. එයට හේතු කිහිපයක් ඇත.
4,5,6 ජාතික රුලි ඉතිහාසයේ කඩඉම් පසුකරයි
1921 දී සිව්වැනි ජාතික බාලදක්ෂ රුලියට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමන් හා ඔලෙව් සෙන්ට් ක්ලෙයාර් මැතිනිය සහභාගි වූහ. මහනුවර පැවැත්වූ පස්වැනි ජාතික බාලදක්ෂ රුලියේ ප්‍රධාන අමුත්තා වූයේ වේල්ස් කුමරායි. එම රුලිය 1922 මාර්තු මස 23 වැනි දා පැවැත්වූ බව සඳහන් වෙයි. ඉන් පසුව පැවැත්වූ හයවැනි ජාතික බාලදක්ෂ රුලියේ ප්‍රධාන අමුත්තා වූයේ විලියම් මැනිං ආණ්ඩුකාරතුමායි.
හත්වැනි ජාතික ජම්බෝරිය කොළඹ දී ...
බාලදක්ෂ රුලි පැවැත්වීම නැවත ආරම්භ කිරීමට වත්මන් ප්‍රධාන කොමසාරිස්තුමාඅදහස් කර ඇත. ඒ අනුව වසර 96 කට පසුව ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ජාතික රුලියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. එම රුලියට බාලදක්ෂයින් 35000 ක් සහභාගි කරගැනීමට අපේක්ෂිතය. එය බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ උපන්දිනයට සමගාමීව පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිතය. සංවිධානය කෙරෙන ජාතික බාලදක්ෂ රුලියට විජය බාලදක්ෂ කඳවුරින් සුබපැතුම් පිරිනැමේ. ජාතික බාලදක්ෂ රුලියේ නව තොරතුරැ මීළඟ බාලදක්ෂ කඳවුරින් බලාපොරොත්තු වන්න.
ජාතික බාලදක්ෂ රුලිය නිර්මාණ එකතුව
ජාතික බාලදක්ෂ රුලිය වෙනුවෙන් රුස් කෙරෙන නිර්මාණ එකතුව විජය බාලදක්ෂ කඳවුරින් මුද්‍රණය වෙයි. එවිට ඔබගේ නිර්මාණ ද එවිය හැකිය. ඔබ විසින් නිර්මාණය කරනු ලබන කවියෙන් ගීතයෙන්, නිසඳැසින් හෝ චිත්‍රයෙන් බේඩ්න් පවෙල් සාමිතුමා හෝ බාලදක්ෂ නීතියෙහි දැක්වෙන කරැණු ඉස්මතු විය යුතුය. බාලදක්ෂයින්ට සහ අනෙක් සිසුන්ටද මේ සඳහා නිර්මාණ කැමති ප්‍රමාණයක් ඉදිරිපත් කළ හැකිය. ඔබගේ නිර්මාණ පහත ලිපිනයට තැපැල් කර එවිය යුතුය.

ජාතික බාලදක්ෂ රුලිය, නිර්මාණ එකතුව, විජය ළමා පුවත්පත,
තැ.පෙ.2037,කොළඹ.

දින පොත