Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගිනිමැලය වටා රොක්වන බාලදක්ෂයෝ තමන්ගේ සහජ කුසලතා ඔප්නංවා ගන්නට උත්සාහ කරති. රඟපෑමට කැමති බාලදක්ෂයෝ කෙටි නාට්‍ය රඟදක්වමින් රුස්ව සිටින පිරිස හාස්‍ය රසයේ ගිල්වති. ගිනිමැල ජවනිකා ආකෘතියට හානියක් නොවන අයුරින් එම කලාව තවත් ඉහළට ඔසවා තැබීමේ අරමුණින් &ගිනිමැලයෙන් වේදිකාවට* නාට්‍ය තරගය පවත්වනු ලබයි. කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම දසවෙනි වරට සංවිධානය කළ එම තරගය සඳහා දිවයිනේ පාසල් 20 ක බාලදක්ෂයෝ සහභාගී වූහ. එයින් අවසාන වටයට තේරී පත්වූ කෙටි වේදිකා නාට්‍ය 6 කින් ශූරතාව හිමි කර ගත්තෝ කෑගල්ල බාලිකා විද්‍යාලයේ බාලදක්ෂිකාවෝය. අවසාන තරගය විනිශ්චය කිරීම සඳහා ප්‍රවීණ කලාශිල්පී ජනනාත් වරකාගොඩ, විදුහල්පති ආර්. එම්. එම්. රත්නායක, බාලදක්ෂ කණ්ඩායම භාර ආචාර්ය තුසිත සුබසිංහ යන මහත්වරැන් සහභාගී වූ බව විද්‍යාලයේ බාලදක්ෂ නායක ගිහාන් අමිල් අබේසුන්දර මහතා විජය බාලදක්ෂ කඳවුරට පැවසීය.
දසවෙනි වතාවට පවත්වන & ගිනිමැලයෙන් වේදිකාවට* කෙටි වේදිකා නාට්‍ය තරගය සංවිධානය කරන්නේ දීප ව්‍යාප්ත මට්ටමින්.   
ඩී. එස්. සේනානායක ආදි බාලදක්ෂ සංගමයේ පූර්ණ දායකත්වයෙන් සංවිධානය කරන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් තමයි, ආදි බාලදක්ෂයින්, බාලදක්ෂයින් එකම තැනකට එකම දිනයක එකතු කරල විනෝදාස්වාදයක් ලබාදීම. මා විශ්වාස කරනව එම ඉලක්කයට, අපි සෑම වසරක දීම වගේම මෙවරත් ළඟාවුණා කියල. බාලදක්ෂ කණ්ඩායම භාර ආචාර්ය තුසිත සුබසිංහ මහතා පැවසීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.