Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයෙහි පැවති විශේෂ උත්සවයකදී පසුගිය දා (26-11-2016) නිල වශයෙන් නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ධූරයෙහි වැඩ භාරගනු ලැබීය. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් සම්මානීය මහාචාර්ය නිමල් ද සිල්වා, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා, වාරිමාර්ග/රාජ්‍ය හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය අජිත් පී. වසන්ත සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, ශ්‍රී ලංකා බාලදක්ෂ කමිටු සභාපති ශ්‍රීනාත් ගුණරත්න ඇතුලු ජාතික බාලදක්ෂ මූලස්ථාන කොමසාරිස්වරුන්, දිස්ත්‍රික් කොමසාරිස්වරුන් හා සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම විශේෂ අවස්ථාවට සහභාගී වූහ.

කොළඹ 03 ශාන්ත තෝමස් තෝමස් කුමර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර පසුව ගල්කිස්ස ශාන්ත තෝමස්  විද්‍යාලයට ඇතුලත් වූයේ ය. පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුලත් ව නීති උපාධිය දිනා ගැනීමෙන් අනතුරුව 1992 ජුනි මස ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබිණ.

1979 වසරේ දී 39 වන කොළඹ ශාන්ත තෝමස් තෝමස් විද්‍යාලයීය බාලදක්ෂයෙකු ලෙස ලෝක බාලදක්ෂ සහෝදරත්වයට සම්බන්ධවන ඒ මහතා මොරිස් වේරගොඩ, ක්ලෝඩ් හල්පේ මහත්වරුන්ගෙන් පසුව සහ වර්තමාන කොළඹ ශාඛාව බාලදක්ෂ සංගමයේ දිස්ත්‍රික් කොමසාරිස් සුරේන් වික්‍රමතිලක මහතාගේ නායකත්වය යටතේ බාලදක්ෂ නායකයා බවට පත් විය. තරුණ ජවය හා නායකත්වයෙන් පිරි බාලදක්ෂ නායකයෙකු ලෙස කොළඹ බාලදක්ෂයන් අතර අතිශය ජනප්‍රියක්වයට පත්ව සිටි අතර 1983 වසරේදී අනුරාධපුරයේ පැවති පළමුවැනි බාලදක්ෂ තරුණ සමුළුවෙහි සභාපති ලෙස තේරී පත්විය. ඔහු සතුව පැවති නායකත්වය හැකියාවන් සහ දක්ෂතාවයන් පරිණත බවට පත් කිරීමට මෙම තරුණ සමුළුව හැරවුම් ලක්ෂයක් වූ බව නිසැකය. බාලදක්ෂයෙකු ලෙස දිනාගතහැකි උසස් සම්මානය වන ජනාධිපති සම්මානය  1984දී දිනාගනු ලැබූ  අතර වයස අවුරුදු 22 දී තරුණ නායකයෙකු ලෙස 1989 වසරේ දී ලී පදක්කම ද දිනාගත්තේ ය. වෘත්තීය ජීවිතය හා බාලදක්ෂ ජීවිතය තුළ නිරන්තර ව මුහුණේ රැදි ප්‍රීතිමත් සිනහවත් පරමාදර්ශී නායකත්ව ලක්ෂණත් ඔහුගේ අනාගත ගමන ස්ථීර කළේය. 

ඒ මහතා සතු සුවිශේෂී නායකත්වය ගුණය හා වෘත්තිය නෛපූන්‍යත්වය යොදාගනිමින් දීර්ඝ කාලීන මූල්‍ය හා උපාය මාර්ග සැලසුම් හේතුවෙන් බංග්ලාදේශය අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් ඩකා හි පැවති 24වැනි ආසියානු පැසිෆික් කලාපීය බාලදක්ෂ සමුළුවේ දී ඔහු කලාපීය බාලදක්ෂ කමිටුවට (APRSC)තේරී පත් විය. බංග්ලාදේශය අග්‍රාමාත්‍ය ෂික් හසීනා එම සමුළුවෙහි සභාපතිත්ව දරනූ ලැබීය. මෙවැනි කීර්තිමත් තනතුරකට (RSC/APR) ශ්‍රී ලාංකිකයෙකු තේරී පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර ඉන් පෙර 2007-2012 කාල සීමාව සඳහා ඔහු කලාපීය කළමනාකරණ උප කමිටුවේ සභාපති ලෙස සේවය කළේය. බාලදක්ෂ ව්‍යාපාරය නියෝජනය කරමින් ඔහු රටවල් ගණනායක බොහෝ සම්මන්ත්‍රණ හා වැඩමුළු සම්පත් දායකයකු ලෙස කටයුතු කර ඇති අතර දැනට ලෝක බාලදක්ෂ සංගමයේ ගෝලීය සහායක කමිටුවේ සමූහයේ සභාපති ලෙස ද මෑතක සිට ඔහු අභ්‍යන්තර තත්ත්ව විගණන ලෙස ද පත්කරනු ලැබීය. ආසියානු පැසිපික් කලාපය නියෝජනය කරමින් ලෝක බාලදක්ෂ සංගමයේ මෙම සුදුසුකම් ලබා ගත් පළමු ආසියාතිකයා ද වේ.

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන සම්මාන ගණනාවක්ම පිරිණමා ඇති අතර ඒ අතරින් පිලිපීන ජනරජය විසින් ලෝකඩ TAMARAW සම්මානය සුවිශේෂී වේ. තායිවානය ජනරජය විසින් පිරිණමනු ලැබූ හරිත ජේඩ් සිංහයා සම්මානය ද ඔහුගේ නායකත්වය සඳහා ලෝව නන්දෙසින් ලැබූ කිත් පැසසුම් අතර ඉහලින්ම ඇති සම්මානයකි. 

DCS_(9) DCS_(10) DCS_(22) DCS_(29)

වයස අවුරුදු 49ක සේවා කාලයේදී බාලදක්ෂ ව්‍යාපාරයෙහි අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ලෝක බාලදක්ෂ ප්‍රජාව වෙත සිදුකළ මෙහෙවර අනභිබවනීය වේ. වසර ගණනාවක් පුරා නීතිඥ වෘත්තියෙහි නියැලෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනා අධිකරණය,මහාධිකරණය,දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, කම්කරු විනිශ්චය සභාවෙහි හා සමාගම් ලේකම්වරයෙකු ලෙස ද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සංවිධාන නීති උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇති අතර ඒ මහතා ජාතික බාලදක්ෂ මූලස්ථානයෙහි ජාත්‍යන්තර කොමසාරිස්වරයා ලෙස ලෙස ප්‍රශංසනීය සේවයක් ද ඉටු කළේය. මෑත ඉතිහාසයෙහි වැඩිම ජාත්‍යන්තර බාලදක්ෂ කඳවුරු සංඛ්‍යාවකට වැඩිම බාලදක්ෂයන් පිරිසක් සහභාගී වූ යුගය ලෙසින් ද මෙම වකවානුව ඉතිහාසයට එක් ව තිබේ. ඒ අතර ලෝක බාලදක්ෂ සංගමයෙහි හා ජාත්‍යන්තරයෙහි වැඩිම අවධානයක් දිනාගනිමින් 24වැනි කලාපීය බාලදක්ෂ ජම්බෝරිය හා 6වැනි ලෝකබාලදක්ෂ සමුළුව ද මෙරටෙහි පැවැත්වීමට අවස්ථාව ලැබුණේද ඔහු සතුව පැවති කැපවීම හා දක්ෂතා හේතුවෙනි. 

ඉදිරි කාලය තුළ සමස්ත බාලදක්ෂ ප්‍රජාව වෙනුවෙන් වඩාත් උපරිම සේවයක් ලබා දෙන්නට නව නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ලෙස පත් වූ නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත සුභ පැතුම් එක් කරමු.


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.