‘අනුලසර ’ 2017 විසිතුරු
- 2017-10-02 14:59:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් ශ‍්‍රී ලාංකීය කලා කෙතට පෑයූ තාරකාවියන් රැසකි. අමිතා වැදිසිංහ, චරිතා පි‍්‍රයදර්ශනී පීරිස්, දීපිකා ප‍්‍රියදර්ශනී, ශෂිකා නිසංසලා යන ගායිකාවන් මේ අතරින් කිහිප දෙනෙකි. ඔවුන් කලාවේ දිදුළන තරු බවට පත්කරන්නට අනුලා විදුහල් මාතාව ලබා දුන් ශක්තිය අති මහත්ය.දක්ෂතා රැසකින් පිරිපුන් තවත් කලාකාරිනියන් අනාගතයටත් බිහි කිරීමට අනුලා මාතාව ‘‘අනුලසර ප‍්‍රසංගය’’ වාර්ෂිකව පවත්වන්නීය. මෙවර අනුල සර ප‍්‍රසංගය, විවිධ කලා හැකියාවන්ගෙන් යුත් 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා සිසුවියන් 300 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණ.
ප‍්‍රධාන වශයෙන් ඔකෙස්ට‍්‍රා බෑන්ඞ් කණ්ඩායමේ දක්ෂතා දැක බලා ගන්නට අවස්ථාව හිමි වෙනවා. ගිටාර්, ඩ‍්‍රම්ස්, වයලීන්, කොන්ගෝ, බටනලා, බොංගෝ, මෘදංගය, තවිල් බෙරය, ගැට බෙරය, තම්මැට්ටම, පියානෝව, චෙලෝ, චෙම්බේ, යන වාද්‍ය භාණ්ඩ රැුසක් මෙහිදී වාදනය කෙරෙනවා. ප‍්‍රසංගයෙහි ගායනා 20 ඇතුළත් වෙනවා. සිංහල, ඉංග‍්‍රීසි, දමිළ, හින්දි, ප‍්‍රංශ යන භාෂාවලින් ගී ගයනවා. නර්තන ගී පහකුත්, නාට්‍ය ගී දෙකකුත් ඇතුළත්. සහෝදර පාසල් කිහිපයක සිසුන්ගේ සහයෙන් යුග ගායනා තුනක් ඉදිරිපත් කෙරිණ.
Reply To:
Name - Reply Comment
0 Comments