Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පින්නවල අලි අනාථාගාරයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් අද (16දා)  පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයේ දී විශේෂ වැඩසටහනක් අලි අනාථාගාර කාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලැබීය.

 මෙම වැඩසටහන පරිසර අමාත්‍ය දම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර මෙම අවස්ථාව සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන් ම දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

මේ වන විට අලි ඇතුන් 68ක් පමණ මෙම අනාථාගාරයේ හැදෙන වැඩෙන අතර රෝගී තත්වයෙන් පෙළෙන අලි ඇතුන් සඳහා ප්‍රතිකාර කිරීමට මෙන් ම අලි ඇතුන්ගේ දෛනික ක්‍රියාකාරකම් සඳහා නියමිත කාලසටහනකට වැඩ කටයුතු සිදු කිරීමට මෙම භුමියේ කාර්ය මණ්ඩලය ඇප කැප වී සිටී.

පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන්ගේ ක්‍රියාකාරකම් නැරඹීම සඳහා වෙන්ව තිබෙන අපූරු ස්ථානයක් වන අතර මෙම ස්ථානය නැරඹීමට යන සංචාරකයෙකුට දිනය පුරාම අලි ඇතුන්ගේ ක්‍රියාකාරකම් නරඹමින් විනෝද විය හැකි වේ.

ලංකාවේ අනාථ අලි ඇතුන් රැක බලා ගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන මෙම ස්ථානය මඟින් පසුගිය දශක 5ක කාලයෙහි විශාල සේවාවක් ඉටු කර ඇත. 

මෙම උත්සවයට සමගාමීව පවත්වන ලද චිත්‍ර,කාව්‍ය, වීඩීයෝ සහ ඡායාරූප තරගවල ජයග්‍රාහකයන් වෙනුවෙන් සහතික පත් සහ තිළිණ පිරිනැමීම සිදු වූ අතර, පින්නවල අලි අනාථාගාරයෙහි පලතුරු පැළ 100ක් සිටුවීමේ වැඩසටහන ආරම්භ කරමින් පලතුරු පැළ 30ක් රෝපණය කිරීම ද මෙම අවස්ථාවේ සිදු විය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.