ගින්නට කලින් ගින්න නිවන ඩුබායි ගිනිභටයෝ
- 2025-09-01 12:49:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
Nas Daily ඇසුරිනි
ඔබ දන්නවද? ඩුබායි ගිනි නිවන භටයන්ට ගින්නක් නිවීමට ගතවන්නේ මිනිත්තු 6 ක් පමණයි. කොතරම් දරුණු ගින්නක් වුවත්, මර්දනය කිරීමට හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් උපාංග ඩුබායි ගිනි නිවන හමුදාවට ඇත; ගිනි නිවන ට්‍රක් රථ ඇත. දැන්, තවත් පියවරක් ඉදිරියට තබමින්, ඔවුහු ගින්නක් හට ගැනීමට පෙර, එම ගින්න නිවා දැමීමට සමත් වී සිටිති.
ලෝකයේ අති නවීණ තාක්ෂණයෙන් පරිපූර්ණ ගිනි අනතුරු පාලන මධ්‍යස්ථානයක් ඩුබායි නුවර පිහිටුවා තිබේ. ගින්නක් හට ගැනීමට පෙර ඔවුන් ගිනි නිවීම සිදු කරන්නේ කෘත්‍රිම බුද්ධි එසේත් නැතිනම් ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගනිමිනි.
ඩුබායි නගරයේ නිවාස සහ ගොඩනැගිලිවල සම්පූර්ණ විස්තර වාර්තා පරිගණකගත කර ඇත. නිවාස සහ ගොඩනැගිලි ඉදි කළ දිනය වේලාවෙ, ඒවාට යොදාගත් අමුද්‍රව්‍ය, වයර් ආදී සියලුම දේ ගැන සවිස්තරාත්මක විස්තරයක් ගිනි අනතුරු පාලන මධ්‍යස්ථානය සතුව ඇත. කාලගුණය ගැනත්, විදුලිසැපයුම් පද්ධති ගැනත් නිරන්තරයෙන් දත්ත ලබා ගැනීම සිදුකෙරේ. එපමණක් නොව, අතීතයේ ඩුබායි නගරයේ ගොඩනැගිලි සහ නිවාසවල හටගත් ගිනි ගැනීම් ගැන ද තොරතුරු වාර්තා ද ඇත.
කෘත්‍රිම බුද්ධිය මේ සියල්ල විශ්ලේෂණය කරයි. ගොඩනැගිලි හෝ නිවසක හෝ විදුලි කාන්දුවක් සිදුවීමට ඉඩ ඇති නම්, දෝෂය ඇත්තේ මෙන්න මෙතැන යැයි ගිනි නිවන භටයන්ට අනතුරු ඇඟවීම සිදු වෙයි. ඒ අනුව, ගින්නක් හට ගැනීමට පෙර, ගිනි නිවන භටයෝ වහා අදාළ තැනට ගොස් ගින්න හට ගැනීම වැලැක්වීමට අවශ්‍ය පිළියම් යොදති.
ලුසිත ජයමාන්න
Reply To:
Name - Reply Comment
0 Comments