Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එක්සත් ජාතීන්ගේ ලෝක උරුම නාමාවලියට ඇතුළත් කිරීම සඳහා පොරොත්තු ලේඛනගත බුදුරදුන්ගේ ලලාට ධාතු නිදන්ගත මංගල මහා සෑරදුන් කේන්ද්‍රගත සේරුවිල පුදබිමේ සංරක්ෂණ කටයුතු ලබන 23 වෙනිදා සුබ මොහොතින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ලෝක උරුම නිර්ණායක සම්පූර්ණ කිරීමේ අරමුණින් පැරණි නටබුන් සංරක්ෂණය කිරීම මේ අනුව නිල වශයෙන් සිදුකිරීමට නියමිතය .සේරුවිල ලෝක උරුම කළමනාකරණ සැලසුමට අනුව සිදු කෙරෙන මෙම සංරක්ෂණ කටයුතු සඳහා පුරාවිද්‍යා අරමුදලට මූල්‍ය දායකත්වය විහාරස්ථ දායක කාරකාදීන් ලබාදෙන බව විහාරාධිපති පූජ්‍ය අළුදෙනියේ සුබෝධි හිමියෝ පැවසූහ.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විහාරාධිපති පූජ්‍ය අළුදෙනියේ සුබෝධි හිමියෝ මෙසේ පැවසූහ.

 “ලෝක උරුම කළමනාකරණ සැලසුම්වලට අනුව පුරා විද්‍යාත්මක නොවන දේවල් ඉවත් කෙරෙනවා.ඒ වගේම මෑතකදී ඉදි වූ ගොඩනැගිලි වෙනත් ස්ථානවල ප්‍රතිනිර්මාණය කරන අතරම පරණ ගොඩනැගිලි සංරක්ෂණය කිරීමද මෙහිදී සිදුවෙනවා.”

 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩබ්.යූ. සුරංග පෙරේරා මහතා මෙසේ කීය.

“ලබන විසිතුන් වෙනිදා සේරුවිල පුදබිමේ ඇති පිළිම ගෙය සංරක්ෂණ කටයුතු නිල වශයෙන් ආරම්භ කරමින් ක්‍රමක්‍රමයෙන් එහි පිහිටි නටබුන් සංරක්ෂණය කිරීම සිදුවෙනවා. ලලාට ධාතු නිධන්ගත ස්ථූපය කලකට පෙර සංරක්ෂණය කර තිබෙනවා. පුදබිමේ විසිරී ඇති බෝධිඝර හා පොකුණු සමහර ඒවා සංරක්ෂණය කර තිබෙන අතර සමහර ඒවා සංරක්ෂණය කර නැහැ. එසේ සංරක්ෂණය කර නොමැති පෞරාණික ස්ථාන ලෝක උරුම කළමනාකරණ වැඩසටහන යටතේ සංරක්ෂණය කිරීමට නියමිතයි.”

ඓතිහාසික සේරුවාවිල මංගල රජ මහා විහාරය

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.