යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට තේ සංස්කෘතික භූ දර්ශනය ඇතුලත් කිරිමට අවදානය
- 2025-08-21 13:42:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ තේ සංස්කෘතික භූ දර්ශනය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ගැනීමට සැලසුම් කර තිබේ. වසර 150කට අධික කාලයක සිට පැවත එන ශ්‍රී ලංකේය තේ කර්මාන්තය ආශ්‍රිතව ඇති සංස්කෘතික භූ දර්ශනය ජීවමාන උරුම සහ වටිනාකම්වලින් පරිපූර්ණ කලාපයක් ලෙස හඳුනාගෙන ඇත.
මෙම කලාපය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කරගැනීමේ අරමුණින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල හා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය එක්ව කටයුතු කරමින් සිටියි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ තේ සංස්කෘතික භූ දර්ශනය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමේ පළමු පියවර වශයෙන් එය තාවකාලික නාමකරණ ලැයිස්තුවට ඇතුළත් කර ගැනීම සිදු කළ යුතු ය.
එලෙස යුනෙස්කෝ තාවකාලික නාමකරණ ලැයිස්තුවට ඇතුළත් කරගැනීම සඳහා සකස් කළ යෝජනාවලිය යුනෙස්කෝ ආයතනයට භාරදීමට නියමිත අතර එම යෝජනාවලිය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වෙත භාර දීම ඊයේ (19දා) පස්වරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ.
තේ සංස්කෘතික භූ දර්ශනය පිළිබඳ පළමු අන්තර්ජාතික සමුළුව එළැඹෙන නොවැම්බර් මස 15 දින සිට 17 දින දක්වා නුවරඑළියේ දී පැවැත්වීමට නියමිත අතර එමඟින් ශ්‍රී ලංකා තේ සංස්කෘතික භූ දර්ශනය යුනෙස්කෝ තාවකාලික ලැයිස්තුවට ඇතුළත් කරගැනීම සඳහා තීරණාත්මක ප්‍රවේශයක් ලබා ගැනීම අපේක්ෂා කෙරේ.
Reply To:
Name - Reply Comment
0 Comments