ජාතික Al ප්‍රදර්ශනය හා සමුළුව සැප්තැම්බරයේදී
- 2025-08-13 12:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දික සෙනෙවිරත්න
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරන ප්‍රථම ජාතික Al ප්‍රදර්ශනය හා සමුළුව (National Al Expo & Conference) 2025 සැප්තැම්බර් 29 සහ 30 යන දෙදින තුළ පැවැත්වීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT -MOBITEL ඒකාබද්ධව කටයුතු යොදා තිබෙනවා.
ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපයේ කෘත්‍රිම බුද්ධි කේන්ද්‍රයක් බවට පත්කිරීම සඳහා මුල පිරීමක් ලෙස රටේ සියලුම ආර්ථික ක්ෂේත්ර යන් තුළ කෘත්‍රීම බුද්ධිය භාවිතයට ගනිමින් Al තාක්ෂණයෙන් බලගැන්වෙන අනාගතයක් වෙත රැගෙන යාම සඳහා ශක්තිමත් ආරම්භයක් ලබාගැනීමේ අරමුණින් සංවිධානය කරන ලද්දක්.
මෙම සම්මන්ත්‍රණයේදී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ අනාගත Al නාක්ෂණ මාර්ග සිතියම මෙන්ම, ජාතික Al අරමුදල සහ Al විශිෂ්ටත්ව මධ්‍යස්ථානය නිල වශයෙන් එළි දැක්වීමද සිදුකිරීමට නියමිතයි සමුළුවෙහි 'Ecosystem Partner ලෙස ශ්රීු ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) කටයුතු කරයි.
මෙමගින් වර්තමානයේ අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් වන මෙරට ඩිජිටල් ආර්ථිකය 2030 වසර වන විට අමෙරිකානු ඩොලර් බිලියන 15 දක්වා වර්ධනය කරවීමේ ක්‍රමෝපායික දැක්ම යථාර්ථයක් බවට පත් කර ගැනීමේ ඉලක්ක ළඟා කරගැනීම සඳහා Al තාක්ෂණය මගින් 10% ත් 12% ත් අතර දායකත්වයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන අතර, ඒ අනුව Al තාක්ෂණය ඉදිරියේදී මෙරට ආර්ථික පරිවර්තනය වෙනුවෙන් කේන්ද්‍ර කාර්ය භාරයක් ඉටුකරනු ඇතැයි සෘජුවම දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
"ජාතික Al ප්‍රදර්ශනය හා සමුළුව ශ්‍රී ලංකාවේ Al අනාගතයේ සමාරම්භක සන්ධි ස්ථානයක් බවට පත්වේවි. මෙම වැඩසටහන, නවෝත්පාදනය, ආර්ථික වර්ධනය සහ සියලුම පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ගාමක බලවේගයක් ලෙස Al තාක්ෂණය යොදාගනු ලබන ඩිජිටල් වශයෙන් බලගැන්වුණු දේශයක් නිර්මාණය කිරීම සඳහා රජය දක්වන උනන්දුව හා කැපවීම යළි තහවුරු කිරීමක්. මෙවැනි වැඩසටහන් තුළින්, වගකීම් සහගත ලෙස Al භාවිතයට ගැනීම සහ ක්රිෙයාවට නැංවීම සම්බන්ධයෙන් කලාපයට ආදර්ශයක් ලබාදීමට අපට හැකි වේවි. එය Al තාක්ෂණය මගින් ශ්‍රී ලංකාවේ තාක්ෂණ ක්ෂේත්‍රෙය් අනාගතය හැඩ ගස්වනු ලබන ආකාරය දැක ගැනීම සඳහා මෙරට ව්යායපාරිකයන් සහ වෘත්තිකයන් ඇතුළුව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ලැබෙන මහඟු අවස්ථාවක්." ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කරනවා.
මෙම ප්‍රදර්ශනය හා සමුළුව තුළදී ශ්‍රී ලංකාවේ Al නාක්ෂණික අනාගතය සම්බන්ධ වැදගත් තේමාවන් රැසක් සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති අතර, වගකීම් සහගත ලෙස Al තාක්ෂණය පාලනය කිරීම, විශ්වාසය හා ආචාර ධර්ම, Al භාවිතයට ගැනීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග සහ, බැංකු හා මුල්‍ය සේවා, සෞඛ්යණය, අධ්යා පනය, කෘෂිකර්මාන්තය සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර යනාදී ක්ෂේත්‍ර තුළ Al නාක්ෂණය භාවිතයට ගත හැක්කේ කෙසේද යන්න ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා.
රටේ තාක්ෂණික දියුණුව ඉලක්ක කරගත් පුරෝගාමී හවුල්කාරීත්වයක් ලෙස හැඳින් විය හැකි මෙය, ශ්‍රී ලංකාව කලාපය තුළ තාක්ෂණය අතින් ඉදිරියෙන්ම සිටින රටක් බවට පත්කිරීම අරමුණු කරගත් ඩිජිටල් ආර්ථික ඉලක්ක සහ දීර්ඝ කාලීන දැක්ම සමගද මැනැවින් සමපාත වෙනවා.
එමෙන්ම එය රටේ සංවර්ධනය මගින් රටේ සියලුම පුරවැසියන්ට ප්‍රතිලාභ හිමි වන පරිසරයක්ද නිර්මාණය කිරීමට ද සුවිශාල දායකත්වයක් ලබාදෙනු ඇති.
Reply To:
Name - Reply Comment
0 Comments