Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මාතර මිරිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ හා කුලියාපිටිය ගුණානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන්හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනටද සහභාගි වීමට අවස්ථාව උදා විය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

එහිදී “Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසුසිසුවියන් දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි.

ජනාධිපති අරමුදල ගම දක්වා ගෙන යාමට කටයුතු කළ බවත් ආර්ථික ගැටලු නිසා අධ්‍යාපනය හැදෑරීමට නොහැකි දරුවන්ට, මුදල් අවශ්‍යතා ඇති අයට ජනාධිපති අරමුදල මඟින් ආධාර ලබා ගැනීමේ හැකියාව තිබෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂාන් ගමගේ මහතා සඳහන් කළේය.

ජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය ලබන ඔබ සියලු දෙනා වැඩිහිට පුරවැසියන් වන විට ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බැඳී සිටින බවද ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ලබා දීම සහ ‘Vision’ සඟරාව පිළිගැන්වීමද සිදු කෙරිණි.

ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, එහි සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරු, විදුහල්පතිවරු, ගුරු මහත්ම මහත්මීහු දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.