දහම්පාසල් විභාගය දින නියමයක් නොමැතිව කල් දැමෙයි
- 2025-12-03 16:33:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදිමෙමවිභාගයඑළැඹෙන14වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණි.
නිවේදනයක් නිකුත්කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, රට පුරා ඇතිවී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙලෙස විභාගය කල් දැමීමට සිදුව ඇති බවය.
දිවයිනේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල 329ක ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් විභාග මධ්‍යස්ථාන 3,389දී දහම් පාසල් දරු දැරියන් 6,90563ක් වෙනුවෙන් මෙම 6 -10 ශ්‍රේණි විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව විභාගය පවත්වන දිනය පසුව දැනුම්දෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.

Reply To:
Name - Reply Comment
0 Comments