Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 52කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලානය පළමුවරට තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

නවි මුම්බායි හි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 299ක ඉලක්කයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට පන්දුවාර 45.3කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 246කි.  

මෙම ජයග්‍රහණයත් සමග ඉන්දීය පිරිමි හා කාන්තා කණ්ඩායම් දිනාගත් ක්‍රිකට් ලෝක කුසලාන සංඛ්‍යාව 5ක් බවට පත්විය. ඉන්දීය පිරිමි කණ්ඩායම එක්දින ලෝක කුසලාන 2ක් (1983, 2011) හා විස්සයි20 ලෝක කුසලාන 2ක් (2007, 2024) මීට පෙර ජයග්රදහණය කර තිබුණි.

ඉන්දීය කාන්තා කණ්ඩායම මීට පෙර අවස්ථා දෙකකදී එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගය ක්රීීඩාකර තිබුණත්, එම දෙවතාවේදීම ඔවුන් පරාජය වී තිබුණි.

දකුණු අප්රිොකාව ලැබූ මෙම පරාජයත් සමග ලෝක කුසලාන පිපාසයෙන් සිටි ඔවුන්ට එකම වසරකදී ලෝක කුසලාන 02කට හිමිකම් කීමට තිබූ අවස්ථාව අහිමිව ගියේය. දකුණු අප්රිොකානු කාන්තා කණ්ඩායම එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයක් ක්රීරඩාකළ පළමු අවස්ථාව මෙය වේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.