නීස් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නිළිය නීටා - ඇඳුම් නිර්මාණ ශිල්පියාටද සම්මානයක්

2024 අප්‍රේල් මස 20 පෙ.ව. 02:54 - {{hitsCtrl.values.hits}}  

ප‍්‍රංශයේදී  නීස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී විදේශ භාෂා චිත‍්‍රපට අංශය යටතේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගැනීමට ප‍්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප‍්‍රනාන්දු මහත්මිය සමත් වූවාය. විසාකේස චන්ද්‍රසේකරන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘පාංශු’ චිත‍්‍රපටයෙහි කළ රංගනය වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමිවිය.
‘බබා නෝනා’ නම් රෙදි සෝදන කාන්තාවකගේ චරිතය නීටා ප‍්‍රනාන්දු මහත්මිය නිරූපණය කරන ලදි. චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කළ කුමාර කරව්දෙණිය ද සම්මානයකින් පිදුම් ලැබු අතර ඇඳුම් නිර්මාණය උදෙසා ජාත්‍යන්තර සිනමා උළෙලක දී ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රථම සම්මානය ද එය වේ.

දින පොත