Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සංස්කෘතික දෙපාර්තමේන්තුව,මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ද සහයෝගය ඇතිව සංවිධානය කරන මහතලා සාහිත්‍ය කලා මහෝත්සවය එළැබෙන සැප්තැම්බර් මස 05. 06. 07 දිනවල දී අති උත්කර්ශවත් අයුරින් මාතලේ සංචාරක හෝටල් පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.

මේ අනුව ප්‍රඥාමල් පිපෙන ආනන්ද මණ්ඩපය - මහතලා සාහිත්‍යකලා මහෝත්සවය නමින් දින තුනක් පුරා පැවැත්වෙන මෙම උත්සවයේ ආරම්භක දිනය සැප් 05 දා දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය පෙ.ව. 9.00 ආරම්භවේ. එදින සවස 2. 00 සිට දිවයිනේ ප්‍රකට කවි කිවිදියන් සහභාගීවන හිටවන කවිමඩුවක් පැවැත්වේ.


සැප්තැම්බර් 06 දින දිස්ත්‍රික් රාජ්‍ය සේවා සාහිත්‍ය උත්සවය පැවැත්වේ.මෙම උත්සවයේ ආරාධිත දේශනය නූතන සිංහල සහ දෙමල සාහිත්‍ය අළලා සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් පවත්වනු ලබන අතර උත්සවයට සමගාමීව පවත්වන මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවා නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහිකයින්ට මහතලා සාහිත්‍ය සම්මාන, සහතික සහ තිළිණ ප්‍රදානය කෙරේ.

එදින සවස 1.00 සිට ප.ව. 6.00 දක්වා අන්තර් ජාතික චිත්‍රපටි දැක්මක් පැවැත්වේ. මෙහිදි විශ්ව සම්භාවනාට පත් චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය කෙරේ.


මහතලා සාහිත්‍ය කලා මහෝත්සවයේ සාමාප්ති දිනය වන සැප් 07 දා ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලයන්ගේ තාරාවෝ ඉගිලෙති නාට්‍ය වේදිකා ගතවේ.මෙහි පාසල් දර්ශනය දුෂ්කර පාසල් දරු දැරියන් හා ළමා නිවාසවල දරුවන් සදහා පෙ.ව .10.00 ට නොමිලේ ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර.ප. ව 2.00 ට ලූෂන් සමග සොදුරු සැදෑවක් නමින් ප්‍රසාංගික දේනයක් පැවැත්වෙන අතර ප.ව. 6.00 තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ මහජන දර්ශනය වේදිකා ගත කිරීමට නියමිතය.

(රජයේ නිල පුවත් ) DMU/matale

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.