Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

                                                                             (තිලක් ඉන්දික සෙනෙවිරත්න)
චීන කෙටි චිත්‍රපට නිර්මාණ කරුවන්ගේ චිත්‍රපට නිර්මාණ සහිත කෙටි චිත්‍රපට උළෙලක් කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී 09දා පැවැත්විණ. චීන සංස්කෘතික මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව මේ වැඩසටහන සංවිධාන කර තිබිණ.  චීන කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ද මේ අවස්ථාවට සහභාගී වූහ.  නොමිලේ පැවැත්වුණ මෙම සිනමා දැක්ම  සැබැවින්ම අපූර්වත්වයත් ගෙන ආහ. චීනයේ දියුණුව, සංස්කෘතික ලක්ෂණ ජන ජීවිතය, කලාව ගැන අපූර්වට ගෙන චින කෙටි චිත්‍රපට දෙරටේ සංස්කෘතික පෝෂණයට  අගනා මගකි. 

අද වනවිට කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් ලෝකය පුරා නැගී ඒමත් සිදුව තිබෙනවා. එය සැබැවින්ම ලාංකික කෙටි චිත්‍රපටරුවන්ටත් සතුටුදායක තත්ත්වයක්. නමුත් ඒ බිහිවන නිර්මාණවල ගුණාත්මකභාව පිළිබඳව තාමත් ඇත්තේ ගැටලුකාරී තත්ත්වයක් වුවත් ලෝකය පුරා විශිෂ්ට නිර්මාණ බිහිවෙමින් පවතිනවා. චිනය තුළද මේ වන විට අන්තර් ජාලය තුළ කෙටි චිත්‍රපට ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් එක්කර තිබේ. 

චීනයේ අවුරුදු 50-60 ක අත්දැකීම් ඇති මහා සිනමාකරුවන් පවා කෙටි චිත්‍රපට කරනවා. තවත් ලෝකයේ හොඳම සිනමාකරුවන් ද තාමත් කෙටි චිත්‍රපට කරනවා. ඩේවිඩ් ලින්, ඒපයික් ලී ගත්තත් ඇමරිකාව, රුසියාවේ, මහා සිනමාවයි, කෙටි චිත්‍රපටයි තියෙන්නේ නවකතාවයි, කෙටිකතාවයි වගේ දෙයක්.

ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුගතපාල සෙනරත් යාපා සිනමාකරුවන් පවා කෙටි චිත්‍රපට නිර්මාණයෙන් සිනමා පට ආරම්භ කලේ.  ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක වැනි නිරිමාණකරුවන් ද කෙටි චිත්‍රපට නිර්මාණය කළා. 

ලංකාවේ කෙටි චිත්‍රපට උළෙලවල් කිහිපයක්ම තිබෙනවා. කොළඹ ජාත්‍යාන්තර චිත්‍රපට උළෙල, කොයින්ස් චිත්‍රපට තුළ අපේ කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ටත් නිර්මාණ ඉදිරිපත් කරන්න අවස්තාව උදාවෙනවා.  චීන කෙයි චිත්‍රපට දැක්මද අනාගතයේ එවැනි අවස්ථාවකට යනු ඇතැයි විශ්වාස කළ හැකියි. 
කෙටි චිත්‍රපට තේමාවක් නෑ කියන අයට හොඳ අවබෝධයක් චීන කෙටි චිත්‍රපට දැක්ම තුළ ලැබෙන්නට ඇති. එය හොඳ අවස්ථාවක්. අපේ කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ට මානව විද්‍යාත්මක වශයෙන් දාර්ශනික, දේශපාලන වශයෙන් ආදිකොට ඇති මතවාද ඇසුරින් පෝෂණය මදි කියන පැනයට යම් පෝෂණයක් මෙම චිත්‍රපට දැක්ම තුළ යම් මානයක් ද දැක්විණි.  වර්තමානයේ කලාව බාල ලෙස යුටියුබ් තුළ කරන සෙල්ලමට හොද නිර්මාණත්මක පෝෂණයක් ලැබිය හැකි අයුරු මෙයින් ලැබෙනු ඇත. 
කලාව හදරණ අයට නොමිලයේ ඉගෙන ගන්න හොද අවස්ථා මෙරට තුළ ඕනෑ තරම් තිබේ. එවැනි හොඳ අවස්ථාවකි ආරම්භ වූ චීන කෙටි නිර්මාණ දැක්ම හා දේශන. 

                                     කෙටි චිත්‍රපට කලාව, ජනජීවිතය, සංස්කෘතිය ගැන කතා කරන්න හොද අවස්ථාවක්

ප්‍රෞඬ ඉතිහාසයකට උරුමකන් කියන ශ්‍රී ලංකාව තුළ මොවැනි උළෙලක් කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා. ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් අතරට ගෙන එන ලබන මෙම චිත්‍රපට  සමස්ත චීනයේ චිත්‍රපට කර්මාන්තය හෝ කෙටි චිත්‍රපට කලාව නියෝජනය නොකලත් චිත්‍රපට තුළ තිබිය යුතු ලක්ෂණ ගැබ්ව තිබෙනවා. මෙම කෙටි චිත්‍රපට කලාව, ජනජීවිතය, සංස්කෘතිය ගැන කතා කරන්න හොද අවස්ථාවක්. 
මහාචාර්ය  වං ඊවන් (චීන නොමල් විශ්ව විද්‍යාලය - බීජිං)

සබැදි පුවත්-------------

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.