අහිංසක ළමා පරපුර රුකගනිමු
- 2018-09-14 11:23:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
&පුංචි ළමයි මල් වගේ*මෙම කියමනෙන් දැක්වෙන ආකාරයට ළමයින් යනු අහිංසක, ළඳ බොළඳ අදහස් ඇති එක්තරා කොට්ඨාසයකි. ශ්‍රී ලංකා නීතියට අනුව ළමයින් යනු &අවුරැදු 05 – 18 ත් අතර සිටින පරපුර වේ*. තම ජීවිත කාලයේ සොඳුරැතම කාල සීමාව වනුයේ ළමා කාලයයි. ළමයින් කුඩා කල සිටම දඟකාරය. හුරතල්ය. කුඩා ළමයෙකුගේ ක්‍රියා කලාපය දෙස බැලූ විට අපට අපගේ කුඩාකල සිහිවීම නොඅනුමානය.
එහෙත් වර්තමානය වනවිට මෙරට පමණක් නොව ලෝකය පුරාම ළමා ජීවිතවල වටිනාකම බෙහෙවින් අඩු වී ඇති බවක් දක්නට ලැබේ. විවිධ මාධ්‍යවලින් ඇසෙන්නට ලැබෙන ඇතැම් පුවත් ඉතා ඛේදනීය පුවත්ය. දිනෙන් දින ළමා අපචාර, අපයෝජන හා ළමා මරණ සිදුවීම ඉහළ යමින් පවතී. මේ සඳහා බලපාන ප්‍රධානතම හේතුව වනුයේ මවුපියන්ගේ, වැඩිහිටියන්ගේ නොසැලකිලිමත් භාවයයි.
පුංචි සුවඳ මල් වැනි මේ සුරතල් ළමයින් රුකබලා ගැනීම අප සැම දෙනාගේම වගකීමකි. ඒ රටේ ලෝකයේ අනාගතය භාර ගැනීමට සිටින්නේ මේ පුංචි මල් කැකුළුය. එහෙයින් ළමා පරපුර රුක ගැනීමට අප සියලු දෙනා ක්‍රියාත්මක විය යුතුය. ඒ සඳහා අපට කළ හැකි දෑ බොහෝය. ළමා පරපුරට ආදරය, කරැණාව, දයාව දැක්වීම, දරැවන් පිළිබඳව සැලකිලිමත්ව සිටීම, දරැවන් රුකගැනීම පිළිබඳ විවිධ වැඩසටහන් පැවැත්වීම වැනි කටයුතු අනුගමනය කළ හැකිය.
පුංචි පුංචි මල් වගේ
සිටිනා ළමයින් අගේ
අහක බලාගෙන වගේ
සිටින්නෙපා සැම දිනේ
කේ.එච්.දුලක්ෂි කාව්‍යා
11 වැනි ශ්‍රේණිය,
ගා/වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments