Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 10 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනි දින දක්වා පැවැත්වේ.  මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 246,521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක් ඇතුළුව සම්පූර් ණ අයදුම්කරුවන් 340,525ක් පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්  ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීය.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362ක උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර මෙවර උසස් පෙළ විභාගය සඳහා පැවැත්වෙන සියලුම උපකාරක පන්ති පැවැත්වීම, විශයානුබද්ධ සම්මන්ත්‍රණ පැවැත්වීම, දේශණ සහ වැඩමුළු පැවැත්වීම සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ඇතුළු විභාගය සම්බන්ධ සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (04) දින මධ්‍යම රාත්‍රි 12 සිට තහනම් වනු ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.

විභාගය සඳහා වූ පාසල් අයදුම්කරුවන් මෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර මේ වන විට ලබා දී අවසන් බවත් යම් අයෙකුට ප්‍රවේශපත්‍රය නොලැබුණේ නම් අද දින සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ලබා ගත හැකි බවත් ඇය පැවසුවාය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.