බොදු අපේ මුදුන් මල්කඩ
- 2019-03-12 17:06:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දන්ත කුමරැ හා හේමමාලා කුමරිය ලක්දිවට වැඩම කොට රුගෙන ආ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ එදා පටන් අද දක්වා බෞද්ධයාගේ ගත සිත නෙත සුවපත් කරති. ලෝකයේ පුදුම ස්ථාන අතර දළදා මාලිගාව ප්‍රසිද්ධියක් දරයි. දැනට ශ්‍රී ලංකාවේ කන්ද උඩරට මහනුවර ප්‍රධාන නගරයේ දන්ත ධාතුව තැන්පත් කර ඇති දළදා මාලිගාව පිහිටා ඇත. එය ලොකු කුඩා කාගේත් ගෞරවාදරයට හිමිකම් කියයි.
එසේම වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහා පෙරහර ඉතා ප්‍රසිද්ධ උත්සවයකි. ශ්‍රී ලංකාවට සෞභාග්‍යය, සමගිය, සාමය, සහජීවනය වැනි මානුෂික ගුණාංග මෙන්ම සංස්කෘතික ගුණාංග මතු කිරීම සඳහා මෙම උත්සවය පැවැත්වෙයි.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලයේ පටන් ගත් දළදා තේවාව අද දක්වාම පැවැත්වෙයි. උදේ ,දවල්, සවස, රාත්‍රි මෙසේ දළදා වහන්සේට පුද පූජා පවත්වනු ලැබේ. සතරපේරැවේ ම බෞද්ධ ජනතාව දිනපතා වන්දනාමාන කරන වටිනා උසස් පූජනීය භූමියයි.
ඉමාෂි සෞම්‍යා වීරකෝන්
9 ශ්‍රේණිය,
අම්/දෙහි/ ජාතික පාසල,
දෙහිඅත්තකණ්ඩිය.
Reply To:
Name - Reply Comment
0 Comments