මගේ ගම මට හොඳයි
- 2018-05-23 14:19:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉතා සුන්දර වූ ප්‍රදේශයක, මනරම් පරිසරයක පිහිටි මගේ ගම කුඩලිගමයි. මගේ ගම තරමක් දුෂ්කර ගම්මානයකි. කුඩා ඇළි විශාල ප්‍රමාණයක් පිහිටා තිබී ඇති නිසා එය ‘කුඩාඇළි ගම‘ හෙවත් කුඩලිගම ලෙසින් හැඳින්වේ.
බැලූ බැලූ අත වෙල් යායත්, ගම වටකරගෙන ඇති කඳු පන්තියත් ගම්මානයේ අලංකාරය තවත් වැඩි කරවයි.
තවද අඹ, රඹුටන්,වෙරළු, ජම්බු, මැංගුස්, වරකා යන පලතුරැ වර්ග ද මගේ ගමේ නොඅඩුව තිබේ. මගේ ගම තරමක් දුෂ්කර වුවත් අපේ සිතුම් පැතුම් ජීවන රටා එලෙසින් දුෂ්කර නැත.
මගේ මිතුරන් සමග එකතුව ඇළටපැන දියබුං ගැසීම තරම් විනෝදයක් මගේ දිවියේ කිසිදා තිබුණේ නැත. මගේ යහළුවන් ඉගෙන ගත්තේ ගමේ පාසලේ ය. මා ඉගෙන ගන්නේ නම් නගරයේ පාසලේ ය. සැමදාම උදෑසන පාසල් යද්දී බසයට නගිනවාත් සමගම මට කිව නොහැකි තරම් දුකක් දැනෙන්නේ ය. එහි තේරැම නම් මා ගමට අසීමිතව ආදරේ බව ය.
කාලයාගේ ඇවෑමෙන් මගේ ගම නවීකරණය වෙමින් පවතී. මාර්ග සකසා, දෙමහල් ගොඩනැගිලි සාදමින් මිනිස්සු පැරණි ජීවන රටාවෙන් ඔබ්බට යති. අලංකාරවත්ව තිබූ ඇළදොළ ගංගා අද වන විට විනාශ වෙමින් පවතී. නමුදු කුමන තත්ත්වයක් කුමන වෙනසක් ඇති වුව ද මගේ ගමට මා සදා ආදරේ ය.
චමුදිත දිල්ශාන්
9 ශ්‍රේණිය,
බප/මතු/ මිහිඳු ම.ම. විද්‍යාලය,
අගලවත්ත.
Reply To:
Name - Reply Comment
0 Comments