Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අතීතයේ දියුණු ශිෂ්ටාචාරයකට උරැමකම් කී රටක් ලෙස මගේ මාතෘ භූමිය හැඳින්විය හැකිය. සාගර ආදී වැව් ඇති වාරි කර්මාන්තයෙන් ඉහළට පැමිණි, දියුණු ජල තාක්ෂණයක් සහිත මගේ මවුබිම ගැන මට නිහතමානී ආඩම්බරයක් ඇත. කාලිංග මාඝ, එළාර ආදී ප්‍රබල දරැණු සතුරන් පරාජය කළ නිර්භීත රටකි, මගේ මවුබිම. දාගැබ්වලින් සපිරැණු සිව් කොන සාගරයෙන් වට වූ මවුබිම මිහිමත පවතින සුරපුරයකි. බුදුන් පහස ලත් ධාර්මික රටකි.
 මගේ රට ස්වාභාවික සම්පත්වලින් පිරි සංචාරක ආකර්ෂණය දිනූ රටකි. ජීවීන්ට හිතකර උෂ්ණත්වයක් ද මෙහි පවතියි. වැඩි ශාක විවිධත්වයකින් හා සත්ව විවිධත්වයකින් යුත් මගේ රට වර්ෂය පුරා ඇද හැලෙන ගංගා, ඇළ, දොළ, දිය ඇළි ආදිය අප රටටම උරැම ය. ලෝකයේ ජීවත් වීමට සුදුසුම රටක් ලෙස මගේ උදාර වූ මාතෘ භූමිය හඳුන්වා දිය හැකිය.
නොමිනිසුන්ගේ ක්‍රියා කලාපය නිසා අද වන විට මගේ මවුබිම පිරිහෙමින් පවතී. හරිතාගාර වායු මුදාහැරීමෙන් අප රටේ උෂ්ණත්වය වැඩි වෙමින් පවතී. සීමාවකින් තොරව ගස් කැපීම, වැලි ගොඩදැමීම වැනි ක්‍රියාවන් නිසා විනාශ වී යාමට කාලයක් ගත නොවනු ඇත. මේවාට අපි විසඳුම් සෙවිය යුත්තෙමු. අපේ උදාර වූ මාතෘ භූමිය රුක ගැනීමට අප දිවි පිදීමට වුව නිර්භය විය යුතු ය. එසේම අපගේ මවු බිමේ අනාගතය ගැන සිතා අප ක්‍රියා කළ යුතු ය. එය අපගේ යුතුකමක් මෙන් ම වගකීමකි. 

සෙනිතු නානායක්කාර
8 ශ්‍රේණිය,
ඩී. ඇස්. සේනානායක විද්‍යාලය.
කොළඹ 07.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.