ඉගෙනීමේ අගය
- 2019-04-30 12:15:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපි පාසල් ගොස් අකුරැ ලියමින් කියමින් ඉගෙන ගනිමින් සිටින්නෙමු. වසර එකොළහක් පමණ පාසල් යාමෙන් පසුව සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නෙමු. වෘත්තීය අධ්‍යාපනයට යොමු වන්නේ අපේ හැකියා සහ කුසලතා වර්ධනය කර ගැනීම සඳහා ය. මේ සියල්ලම අප බලාපොරොත්තු වන්නේ අපේ අනාගතය යහපත් ලෙස සකසා ගැනීමයි. ඉගෙනීම නමැති පහන් ආලෝකයෙන් ජීවිතයම ආලෝකවත් වෙයි. අන් අයගේ ජීවිත ද ආලෝකවත් කළ හැකි ය. සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය දැනුම,ආකල්ප, කුසලතා ඉගෙනීමෙන් හා වර්ධනය කර ගැනීමෙන් පිරිපුන් ජීවිතයක් ළඟා කර ගත හැකි වේ. මිනිසා උපතේ සිට මරණය දක්වා ම ඉගෙන ගන්නේ ඒ නිසා ය.
අප ලබන අධ්‍යාපනය තුළින් අපේ ආකල්ප හා සිතුම් පැතුම් ගොඩනැගෙනු ඇත. පෞරැෂ වර්ධනයත් ආත්ම විශ්වාසයත් ගොඩ නැගෙන්නේ අධ්‍යාපනය මගිනි.ඉගෙන ගත තයුතු කාලයේ ඉගෙන නොගත්තොත් පසු කාලයේ දී අපට
පසු තැවීමට සිදු වේ. එය සමාජයට ද තමාට ද හානියක් වේ. තමා රුකීමටවත් සමාජය සුරුකීමටත් සිප් සතර ඉගෙනීම අවශ්‍ය වේ. සමාජයට තම කුසලතාවලින් සේවයක් කිරීමට අපේක්ෂා කරන්නේ නම් එය මනා ලෙස හැදෑරිය යුතු ය.
කිසිම දිනක කිසිවකුටත් සොරා ගත නොහැකි එකම වස්තුව අපි ලබන අධ්‍යාපනයයි. එයින් ලබන පෞරැෂත්වය ආත්ම අභිමානය කිසිම දිනක විනාශ වී යන්නේ නැත.
ළමා අවදියේ දී නිසි ලෙස අධ්‍යාපනය ලැබීමටත් වැඩිහිටියන් වූ පසු උගත් දෙයින් නිසි ප්‍රයෝජන ලබා ගැනීමටත් අපි අධිෂ්ඨාන කර ගනිමු.
නෙත්මි ඔවාමිණි සමරජීව
9 ශ්‍රේණිය,
ර/ඇහැළියගොඩ ධර්මපාල මහා විද්‍යාලය,
ඇහැළියගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments