Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මවුපියන්ට සලකමු

  • 2019-06-11 16:14:33
  • 0 Comments

අපට ඇති වටිනාම වස්තුව අපේ මාපියන්ය වේ. අප මෙලොවට බිහිකරවා රුක බලා ගෙන හොඳ පුරවැසියකු කිරීමට උර දෙයි. අපට හොඳ නරක කියාදෙන්නේ මාපියන් ය. අපේ මුල්ම ගුරැවරයන් ද මාපියෝ වෙති. අප කරන හොඳ දේ බලා මාපියෝ සතුටු වෙති. දුක් මහන්සියෙන් හැදූ වැඩු දරැවෝ වැඩිවියට පත් වූ විට මව්පියන් අමතක කරති. මහලු වියට පත් වූ විට ඔවුන් නොසලකා හරිති. මවුපියන් වයස්ගත වූ විට ඔවුන්ට ආදරයෙන් සැලකිය යුතු ය. 
මවුපියන්ට උදේ හවස වැඳිය යුතු ය. සමහර දරැවන් සැප විඳිද්දී මාපියෝ මහලු මඩම්වල වාසය කරති. මාපියන්ට හොඳන් සලකන දරැවන්ට ඔවුන්ගේ ආශිර්වාදය ලැබේ. දෙමාපියන්ට හොඳින් සලකා අනෙක් දරැවන්ට ආදර්ශයක් දියයුතු ය.  සමහර දරැවෝ  මවුපියන්ගේ දේපළ ලබාගත් පසු ඔවුන් පන්නා දමති. අපි මවුපින්ට හොඳින් සලකා අනෙක් අයට ද ආදර්ශයක් දෙමු.

රවිඳු ගිම්හාන විජේතුංග
6 ශ්‍රේණිය,
බ/දම්බරාව මහා විද්‍යාලය, මහියංගනය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.