Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඈත අතීතයේ නොදියුණු මිනිස්සු අවට පරිසරයෙන් තමා සොයාගත් දේ ඇසුරින් යැපුණහ. ගින්දර සොයාගත් පසුව මස් පුලුස්සා ආහාරයට ගැනීම ද සිදු කළ අතර තියුණු ගල්, ලී ආදියෙන් ආයුධ තනා ගැනීම ද සිදු කළහ. මෙසේ ක්‍රමයෙන් දියුණු වූ මිනිසා සඳ ජයගන්නට ද සමත් විය. ග්‍රහලෝක තරණය කරන්නට ද සමත් විය.
විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව නිසා ලොවට විස්මයජනක නිර්මාණ එක්විය.ලෝකය එකම ගම්මානයක් බවට පත්විය.තොරතුරැ හුවමාරැව, සන්නිවේදනය ඉතාමත් වේගයෙන් සිදුකර ගැනීමට හැකි විය. සරල ජීවන රටාවකට හුරැ වී සිටි මිනිසා සංකීර්ණ සමාජ රටාවකට පරිවර්තනය විය. එකමුතුව ,සහයෝගය, අදහස්බෙදා හදා ගැනීම, උදවු උපකාර කිරීම මිනිසා කෙරෙන් ඈත් වන්නට විය. මිනිසා තමාගේ් ම ලෝකයක හුදකලා වන්නට විය. විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් දියුණු වූ ලෝකය තුළ කාර්යයන් ඉතා පහසු වන්නට ඇත. කාර්යක්ෂමබව ළඟා කරගන්නට හැකි විය.
මේ අනුව බලන කල ලෝකය දියුණු වුවද මිනිසා යහගුණ අතින් පිරිහී ගිය සෙයක් දක්නට ලැබෙයි. එකිනෙකා සමග කතා කිරීමට හෝ  සුවදුක් විමසීමට ද මිනිසාට කාලවේලාවක් නොමැති බව දක්නට ඇත. මිනිස්කම පිරිහී ලෝකය කොතරම් දියුණු වුවද ඉන් පලක් නොවේ. බුද්ධියෙන් අගතැන් මිනිසා මේ පිළිබඳ සොයා බැලිය යුතු කාලය එළැඹ ඇත. විද්‍යාවේ දියුණුව මිනිසාගේ යහපතට යොදාගත හැකි වැඩ පිළිවෙළක් මිනිසා විසින්ම සකස් කර ගත යුතු ය. මිනිසා මිනිසාට ද රටක් රටකට ද ජාතියක් ජාතියකට  ද එරෙහිව අවි ඔසොවන්නේ දියුණුවේ ප්‍රතිඵලයක් නිසා නොවේ ද?
    විද්‍යාෙව් දියුණුව මිනිසාගේ යහපතට යොදවා ගැනීමට මිනිස් සිත්සතන් පැහැදේවා!!

ඉසුරි භාග්‍යා
9 ශ්‍රේණිය,
ර/ඇඹි/ කොළඹගෙආර මහා විද්‍යාලය,
තිඹොල්කැටිය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.