සාධාරණය
- 2020-04-15 10:28:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වියළි සුළඟක් හමා ගියේය. කුරුලු ගී හඩක්වත් නෑසිණි. නගරය කෙමෙන් කෙමෙන් පාළුවට යමින් තිබුණි. පොලිස් ස්ථානය සොහොන් පිට්ටනියකි. නගරයේ මිනිසුන් ප්‍රමාණය 100ට අඩු වී ඇත. කෙසේ නමුත් වික්සන්ගේ ක්‍රියාකලාපය වෙනස් වූයේ නැත.
ඒ ලන්ඩන් නගරය යි. එක් මිනිසකුගේ ක්‍රියා කලාපය නිසා නගරය හිඳී යමින් පැවතිණ. යුද භට යානා නාගර පුරාම ඇදී යයි. එක්සත් රාජධානියේ එක්සත් බව බල්ලන්නට කන්න දමා තිබේ. ආණ්ඩුව එකම අවුල් ජාලයකි. නගරය පුරාම ලේ විසිරි තිබුණි. මිනිස් සිරුරු බල්ලන් විසින් ඇද කා දමමින් තිබුණු අතර බලා සිටියකුගේ හදවත උණුවී දියවී යන්නට තරම් විය.
වික්සන් යනු පාතාල නායකයෙකි. ඔහු හිරෙන් නිදහස් වී දේශපාලනයට විත් දේශපාලනය උඩු යටිකුරු කොට පොලිස් සේවයට බැඳුණි. නමුත් සිදු වූයේ වෙන විනාශයකි. ඔහු ගමින් ගමට නගරයෙන් නගරයට යමින් අසුවෙන අසුවෙන මිනිසුන් මරා දමන්නට විය. ඔහුට එරෙහිව විවිධ සංවිධාන ගොඩනැගෙන්නට වූවත් ඒ සියල්ල පිපුණු සැණින් පරවෙන මල් සේ යටපත් විණ.
ලන්ඩන් නගරයේ ස්වීට්ලන්ඩ් නම් කුඩා ගම්මානයක් විය. එම ගම්මානය එකම බෝම්බයකින් වනසා දැමූ වික්සන් කුරිරු සිනාකින් තම මුහුණ සරසාගෙන ඉදිරියට ඇදුණි.
පසුවදා ස්වීට්ලන්ඩ් ගම්මානය ශෝකී කුරුලු නාදයන්ගෙන් දෙදරන්නට විය. ගම්මානයට ඇතුළු වන සෑම ස්ථානයක් ම මෙවන් පුවරුවකින් වසා තිබුණි.
‘‘වසා ඇත. සාධාරණය රැගෙන එන්නන්ට විවර වනු ඇත- ස්වීට්ලන්ඩ්‘‘
ඩබ්ලිව්. ජී. එන්. කල්හාර,
7 ශ්‍රේණිය,
මාර/ නාරන්දෙණිය ජාතික පාසල,
මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments