Top
+94 77 372 7288

සීත කාලෙදි අයිස් කැටයක් වෙන ඇලස්කන් කැලෑ ගෙම්බා

2025 අගෝස්තු මස 04 ප.ව. 02:05 Views - {{hitsCtrl.values.hits}} comment - 0    


ඇලස්කන් කැලෑ ගෙම්බා (Alaskan wood frog)ලොව වෙසෙන වඩාත් විස්මිත ගෙම්බෙන්යැයි හැඳින්වීමේ වරදක් නැත. දුඹුරු පැහැති මේ කුඩා ගෙම්බා ජීවත් වන ඇලස්කාවේ, සීතල වනාන්තරවල උෂ්ණත්වය, ශීත ඍතුවේදී -20°C ට වඩා පහත වැටේ. නමුත් සැඟවී සිටීම හෝ සංක්රනමණය වීම වෙනුවට, මෙම ගෙම්බාට විශේෂ උපක්රදමයක් ඇත. එය නම් ශීත ඍතුවේ දී අයිස් කුට්ටියක් බවට පත්වීමේ හැකියාවයි. 
උෂ්ණත්වය පහත වැටෙන විට, ගෙම්බාගේ හදවත ස්පන්දනය වීම නතර වේ. පසුව පෙනහළු ක්රි‍යා කිරීම නැවතෙයි. ගෙම්බා අයිස් කැටයක් මෙන් කැටි වේ. එහෙත් ඔවුන් මිය යන්නේ නැත. ගෙම්බාගේ සිරුරේ ග්ලූකෝස් නිපදවෙන අතර එමගින් සෛලවලට හානිවීමට නොදී ආරක්ෂා කරයි. මෙම සීනි පළිහක් මෙන් ක්රිකයාකරයි.  මේ හේතුවෙන් අයිස්වලින් ගෙම්බාගේ අවයවවලට හානියක් සිදුනොවේ.
වසන්තයේ දී, හිම දිය වී කාලගුණය උණුසුම් වන විට,  ගෙම්බා ක්රනමයෙන් සුපුරුදු තත්ත්වය එළඹේ.උගේ හදවත නැවත ස්පන්දනය වීමට පටන් ගන්නා අතර, ඌ හුස්ම ගැනීමට සහ කිසිවක් සිදු නොවූවාක් මෙන් චලනය වීමට පටන් ගනී. 
විද්යාීඥයෝ ඇලස්කන් කැලෑ ගෙම්බා ගැන ඉතා උනන්දු වෙති. ශල්යාකර්මයකදී මිනිස් අවයව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න ඉගෙන ගැනීමට හෝ අනාගතයේදී අභ්යමවකාශ ගමන් සඳහා පවා මෙම ගෙම්බාගේ ක්රිේයාකාරිත්වය උපකාර වනුඇතැයි විශ්වාස කරති.

 

ජයනි සිතාරි අල්විස්