Top
+94 77 372 7288

2025 වසරට පාසල් නිල ඇඳුම් රෙදි ලබා දී අවසන්

2025 අගෝස්තු මස 04 ප.ව. 04:43 Views - {{hitsCtrl.values.hits}} comment - 0    

2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 5,171 වටිනා පාසල් නිල ඇඳුම් රෙදි සඳහා අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා දී අවසන් බව නිල වශයෙන් දැනුම් දීමේ අවස්ථාව බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී අග්‍රාමාත්‍ය ආචාර් ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

එහිදී 2025 වර්ෂයේ සඳහා අවශ්‍ය මුළු නිල ඇඳුම් අවශ්‍යතාවය ප්‍රදානය කර අවසන් බව දැනුම් දීමට අදාල සහතික පත්‍ර හුවමාරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා අතර සිදු විණ.

මේ වන විට 2026 වර්ෂය සඳහා ද පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රදානයක් ලෙස ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා මහජන චීන සමූහාණ්ඩුවේ ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත යොමු කර ඇත.