Top
+94 77 372 7288

මනුසත් බව කොහිද...

2025 අගෝස්තු මස 04 ප.ව. 04:47 Views - {{hitsCtrl.values.hits}} comment - 0    

මනුසත් බව කොහිද...

අසන් මේ මිනිසුනේ...
බඩගින්න මිනිසාගෙ
පොදුම පොදු තත්වයක්..
කුස ගිනිදරන්නට.. නොහැකි යම් තැනකදී..
අනුන්ගේ.....
 ගසක ගෙඩියක් පළතුරක්....
කැඩීම තහනම් වුවත්..
එසේවත් නොමැතිනම්...
මත් කුඩු ගැනීමම
එකම අරමුණ වුවත්...
අනේ මිනිසුනි...
එපා පණ නසන්නට...
එය දැඩි..දඩුවමක්...
මිනිසත් බව ලැබුම...
අනේ හරි දුර්ලභයි..
එපා පණ නසන්නට...
පොඩිම පොඩි පොඩිදේට....
සැමට ඉහලින්...
තබනු මනුසත් බවම....

විනුජි කුරුකුලසූරිය 
12ශ්‍රේණිය
සුජාතා විද්‍යාලය 
මාතර