Top
+94 77 372 7288

නේපාලයේ මාළු වරල

2025 අගෝස්තු මස 04 ප.ව. 04:51 Views - {{hitsCtrl.values.hits}} comment - 0    

මච්ඡපුච්ඡරී  යනු නේපාල බසින් මාළු වරල යන්නය. නේපාල වැසියන් මච්ඡපුච්ඡරී යනුවෙන් හැදින්වෙන්නේ එරට ගාන්ධකී පළාතේ අන්නපූර්ණා කඳු වැටියේ පිහිටි කඳු මුදුනය. මච්ඡපුච්ඡරී කන්දේ උස ආසන්න වශයෙන් මීටර් 6,993 ක් වන අතර, මෙම කන්ද ගාන්ධකී පළාතේ අගනුවර වූ පොඛාරා නගරයේ සිට කිලෝමීටර් 25 ක පමණ දුරිනි.

කන්දේ පෙනුම මාළුවකුගේ ඉහළින් ඇති වරලක ආකාරය ගන්නා බැවින්, මච්ඡපුච්ඡරී නමින් මෙය හැඳින්වෙයි. හින්දු බැතිමතුන්ට අනුව, මෙම කන්ද ශිව දෙවියන්ගේ වාසස්ථානයකි.

(එන්.ඩී.ටීවී.)