Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

දැවෙන විහඟුන් චිත්‍රපටයේ දර්ශනයක්Image Copyright SANJEEWA PUSHPAKUMARA/FB 

දැවෙන විහඟුන් චිත්‍රපටයේ දර්ශනයක්

ලොව පුරා රටවල් තිහක් පමණ ඉදිරිපත් කළ අසූවකට ආසන්න සිනමා නිර්මාණ අතරින් ජපානයේ තෝකියෝ අගනුවර පැවති 17 වෙනිි තෝකියෝ ෆිල්ම් එක්ස් සිනමා උළෙලේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට තරුණ සිනමා ශිල්පී සංජීව පුෂ්පකුමාර නිර්මාණය කළ 'දැවෙන විහඟුන්' (Burning Birds)  චිත්‍රපටයට හිමිව තිබේ. තෝකියෝ ෆිල්ම් එක්ස් සිනමා උළෙලේ දී ශ්‍රී ලාංකික සිනමා සිත්තමක් ලබාගත් ඉහළම ජයග්‍රහණය මෙයයි.

ජපානයේ ටෝකියෝහිදී ඊයේ (නොවැ 26) නිමාව දුටු 17 වෙනි ටෝකියෝ ෆිල්මෙක්ස් අන්තර්ජාතික සිනමා උළෙලේ ( 17th Tokyo FILMeX International Film Festival) තරඟකාරී අංශය නියෝජනය කල සංජිව පුෂ්පකුමාරගේ 'දැවෙන විහඟුන්' (Burning Birds) නම් වූ දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය, එම උළෙලේ පිරිනමන ලද විශේෂ ජූරි සම්මානයෙන් (Special Jury Prize) පිදුම් ලැබීමට සමත්විය.

අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර තෝකියෝ ෆිල්ම් එක්ස් උළෙලේදී පිරිනැමුණු සිය සම්මානය සමඟImage Copyright SANJEEWA PUSHPAKUMARA/FB

සංජීව පුෂ්පකුමාර තෝකියෝ ෆිල්ම් එක්ස් උළෙලේදී පිරිනැමුණු සිය සම්මානය සමග

 

ආසියානු කලාපීය රටවල සිනමාපට උදෙසා පමණක් විවෘත වන ''ටෝකියෝ ෆිල්මෙක්ස් අන්තර්ජාතික සිනමා උළෙල'' නියෝජනය කිරීම උදෙසා 2016 වසරේ ආසියානු කලාපීය රටවලට අයත් සිනමා සිත්තම් 22 ක් තෝරාගෙන තිබූ අතර, ඒ අතුරින් චීනය, ජපානය, දකුණු කොරියාව, පිලිපීනය, තායිවානය, ඊශ්‍රායලය , සහ ශ්‍රී ලංකාව යනාදී රටවල් 07ක් නියෝජනය කල සිනමාපට 10ක් උළෙලේ තරඟකාරී අංශය යටතේ තරඟ වැදීමට සුදුසුකම් ලැබීය.

2000 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කල ටෝකියෝ ෆිල්මෙක්ස් අන්තර්ජාතික සිනමා උළෙලේදී, මීට පෙරාතුරුව 2009 වර්ෂයේදී විමුක්ති ජයසුන්දරගේ ''අහසින් වැටෙයි'' (Between Two Worlds) සිනමාපටයත්, 2011 වර්ෂයේදී සංජීව පුෂ්පකුමාරගේ ''ඉගිල්ලෙන මාළුවෝ'' (Flying Fish) සිනමාපටයත්, 2015 වර්ෂයේදී විමුක්ති ජයසුන්දරගේ 'සුළඟ ගිනි අරන්' (Dark in the White Light) සිනමාපටයත්, උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට වරම් හිමිව තිබුණි.. එහිදී 'සුළඟ ගිනි අරන්' සිනමාපටය උදෙසා ජූරියේ විශේෂ සඳහනක් (Special Jury Mention) හිමිවුවද, උළෙලේ පිරිනමන ප්‍රධාන සම්මාන ද්විත්වයෙන් එකකට ශ්‍රි ලංකාව හිමිකම් කියූ ප්‍රථම අවස්ථාව ලෙසට මෙය (විශේෂ ජූරි සම්මානය - දැවෙන විහඟුන්) වාර්තා පොත් අතරට එක්වේ.

තවමත් මෙරට නිළ වශයෙන් තිරගත නොවුනු ඉගිල්ලෙන මාළුවෝ (Flying Fish) සිනමා සිත්තම තුලින් ශ්‍රී ලාංකේය සිනමාවට අවතීර්ණ වූ සංජිව පුෂ්පකුමාර ,එකී සිනමාපටය වෙනුවෙන් අන්තර්ජාතික සිනමා සම්මාන පහකින් (05) පිදුම් ලද අතර, 'දැවෙන විහඟුන්' ලද පෙරකී සම්මානය ඔහුගේ සිනමා දිවියේ ලද හයවන (06) අන්තර්ජාතික සිනමා සම්මානයයි.'දැවෙන විහඟුන්' සිනමාපටය නියෝජනය කල දෙවන අන්තර්ජාතික සිනමා උළෙල 'ටෝකියෝ ෆිල්මෙක්ස්' සිනමා උළෙල වන අතර, මීට පෙරාතුරුව ආසියාවේ සුවිසල්ම සිනමා උළෙල ලෙසින් බුහුමන් ලබන බූසාන් සිනමා උළෙලේ තරඟකාරී අංශය නියෝජනය කිරීමට 'දැවෙන විහඟුන්' සුදුසුකම් ලැබීය. එකී නියෝජනය 2016 වර්ෂය වෙනුවෙන් ශ්‍රී ලාංකේය සිනමාපටයක් ඉදිරියේ සටහන් වූ විශිෂ්ටතම අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය ලෙසින් සැලකේ.

15253479_10207350689111220_7008818495683202920_n

මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනවිරත්න, ලියෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ් හා සංජීව දිසානායකගේ රංගන දායකත්වයෙන් හැඩවෙන 'දැවෙන විහඟුන්' සිනමාපටයේ කැමරාකරණය කාලිංග දේශප්‍රියගෙනි. මිට අමතරව අජිත් රාමනායකගේ සහ කැතරිනා වර්තේනාගේ සංස්කරණ දායකත්වයද , පියතිස්ස අකුරම්බොඩගේ කලා අධ්‍යක්ෂණ දායකත්වයද , මේ සඳහා හිමිව ඇත. (සංජීව පුෂ්ප කුමාර FB පිටුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.