කරාතේ ක්‍රිඩක ක්‍රීඩිකාවන් 34 දෙනෙකුට කලුපටි
- 2025-07-31 13:00:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජපන් කරාතේ දෝ කෙන්සෙයිකාන් ජාත්‍යන්තර සංවිධානය යටතේ පුහුණුව ලැබූ කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 34 දෙනෙකුට කලුපටි ප්‍රදානය කිරීම, දකුණු පළාත් ශ්‍රි ලංකා කරතේ දෝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් චමින්ද ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් වලස්මුල්ල ජාතික පාසැල් ශ්‍රවණාගාරයේදී පෙරේදා (24) දින පැවැත්විණි.
ජපන් කරාතේ දෝ කෙන්සෙයිකාන් ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රධානී සෙන්සේ නිශාන්ත ජයවර්ධන මහතා යටතේ පුහුණුව ලැබූ වලස්මුල්ල ජාතික පාසැල (08), වීරකැටිය රාජපක්ෂ ම ම වි (01), මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය (01), මිද්දෙණිය ම ම වි (03), කිරම ධම්මානන්ද විද්‍යාලය (03), රොටුඹ ම වි (01), පස්ගොඩ ම වි (02), මාකදුර ම වි (01), කටුවන ම වි (01), ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව පැසැල (01) වල්ගම්මුල්ල ම වි (03) ඇතුළු පාසැල් රැසක ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට මෙහිදී කලුපටි හිමි විය.
ජපන් කරාතේ දෝ කෙන්සෙයිකාන් ජාත්‍යන්තර සංවිධානයේ පුහුණුකරුවන් වන සෙන්සේ නිශාන්ත ජයවර්ධන, සෙන්සේ චමින්ද වික්‍රමගේ, සෙන්සේ දුලංජන චතුරංග ඇතුළු පුහුණුකරුවන් යටතේ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුව ලබා තිබේ.
තමිදු මධුසර ලියනගේ - අහුන්ගල්ල
Reply To:
Name - Reply Comment
0 Comments