Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂයින්  විසින් ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ඉතිහාසයට එක්කළ නොමැකෙන වික්‍රම අතරට ජිම් ජාත්‍යන්තර ජම්බෝරිය, දේසායි ජාත්‍යන්තර ජම්බෝරිය, මිලේනියම්, රන්සායි, රිස්ගෝ සහ සෙන්රුක් යන වැඩසටහන් එක්ව ඇත. එළැඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන සර්ටෝරා වැඩසටහන ද එවැන්නකි. සර්ටෝරා සම සභාපති සුමින්ද විතානාරච්චි විජය බාලදක්ෂ කඳවුරට ඒ ගැන අදහස් දැක්විය.


සර්ටෝරා 2018
සර්ටෝරා 2018 ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින්ට ඓතිහාසික දින කිහිපයක් වේවි. එයට හේතුව බාලදක්ෂයන් විසින් පෙර දීප ව්‍යාප්ත ආපදා කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර නොතිබීමයි. එම නිසාම ධර්මරාජයේ බාලදක්ෂ ක්‍රියාකාරකම් ආරම්භ කර වසර 105 ක් ගතවීම නිමිත්තෙන් සිදුකරන මෙම වැඩසටහනට ජාතික පිළිගැනීමක් ලැබේවි.
සර්ටෝරා හි අරැත
Scouts       Emergency     Response
Training    Of Rajans    යන්නයි. මෙය දීප ව්‍යාප්ත වැඩසටහනකි. ඒ සඳහා ප්‍රධාන කොමසාරිස් තුමාගේ පූර්ණ සහයෝගය ලැබී තිබෙනවා. එම නිසාම බාලදක්ෂ දිස්ත්‍රික්ක 37 ම නියෝජනය කරන බාලදක්ෂයින්, බාලදක්ෂ බාලිකාවන් ඇතුළු මානවක බාලදක්ෂයින් හට ඊට සහභාගි විය හැකියි.

මෙහෙයවීම
ජාතික ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පූර්ණ මෙහෙය වීමෙනුයි, සර්ටෝරා සංවිධානය කරන්නේ. බාලදක්ෂයින් ලක්ෂයකට ආපදා කළමනාකරණය විෂය ඉතාම නිවැරදිව ඉගැන්වීමත් යම් අවස්ථාවක දී මනාව කළමනාකරණය කිරීමට බාලදක්ෂයින් පුහුණු කිරීමත් මෙමගින් සිදු වෙනවා.
ආරම්භක වැඩසටහන
නියමු ව්‍යාපෘතිය සඳහා බාලදක්ෂ දිස්ත්‍රික්ක 37 න් 750 ක් තෝරා ගැනෙති. එය සිදුවෙන්නෙ දිසා කොමසාරිස්වරැන්ගේ මග පෙන්වීම මතයි. මේ සඳහා සහභාගි වෙන සියලුම සාමාජිකයෝ අදාළ ප්‍රදේශයේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වෙත ස්වේච්ඡා සේවකයින් ලෙස අනුයුක්ත කෙරෙති. ඒ සඳහා ඔවුන්ට නිල පිළිගැනීමක් ලබාදීමට පුහුණු සහතිකය, හැඳුනුම්පත, කඳවුරැ පදක්කම ලබා දෙනවා.
ආවරණය වන විෂය පථය
නායයාම්, ගංවතුර, සුළිසුළං, සුනාමි, ගිනි, කෘමි සතුන් දෂ්ට කිරීම, විවිධ වසංගත රෝග හා ගැටුම් නිසා රට අභ්‍යන්තරයේ අවතැන් වන ජන කොටස් කළමනාකරණය කිරීම ආදී විෂයයන් කෙරෙහි අවධානය යොමු වෙනවා. ශ්‍රී ලංකාවේ සිටින ආපදා කළමනාකරණ විෂයෙහි ප්‍රවීණයන් දේශන සඳහා සහභාගි වීමට නියමිතයි.
කලාපීය සහභාගීත්වය
ආසියා පැසිපික් කලාපයේ බාලදක්ෂයින් මේ සඳහා සහභාගි වීමට නියමිතයි. ජාතික බාලදක්ෂ මූලස්ථානයේ ජාත්‍යන්තර අංශය මගින් අදාළ සම්බන්ධීකරණ සිදු කිරීමටයි කටයුතු යොදා තිබෙන්නෙ.
සර් ටෝරා, පළමු මෙහෙයුම
මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ලේක්වීව්පාක් ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථානයේ දී මෙම වැඩසටහන සැප්තැම්බර් 21 සිට 23 දක්වා පූර්ණ කාලීනව පැවැත්වීමට නියමිතයි. මේ සඳහා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආදි බාලදක්ෂ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න සහ අමාත්‍ය දුමින්ද දිසානායක මහත්වරැ සහයෝගය දක්වති. 
වැඩි විස්තර 
සර්ටෝරා 2018 ජාතික වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරැ ජාතික බාලදක්ෂ ආපදා කළමනාකරණ ඒකකය භාර මූලස්ථාන කොමසාරිස් සුමින්ද විතානාරාච්චි මහතාගෙන් ලබාගත හැකියි. ඒ සඳහා 0777841542 දුරකථනයට ඇමතිය යුතුය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.