අධ්‍යාපන විද්‍යාපීඨ 15 දා ඇරඹෙයි
- 2022-01-13 14:50:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන විද්‍යා පීඨ 2022 ජනවාරි 15 වැනිදා ආරම්භ කරන ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යංශයේ ඊයේ (2022.01.12) පැවති රැස්වීමකදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඒ අනුව ජනවාරි 15වනදා විද්‍යා පීඨ කටයුතු ආරම්භ වන අතර, 18 වනදා සිට අධ්‍යාපන කටයුතු ආරම්භ වීමට නියමිතය. එමෙන්ම දැනට පාසල්වල උසස් පෙළට තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන සිසුන්ට, එම විෂයයේ ගුරු පුහුණුව සඳහා ඇතුළත් වීමට නව විද්‍යා පීඨයක් ආරම්භ කිරීම කඩිනම් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
දැනට දිවයින පුරා විද්‍යා පීඨ 19ක් ඇති අතර, තාක්ෂණ විෂයේ ගුරු පුහුණුව සඳහා නව විද්‍යා පීඨයක් ආරම්භ වීමත් සමඟ විද්‍යා පීඨ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ යයි.
පසුගිය කාලයේ අධ්‍යාපන විද්‍යා පීඨ වසා දමා තිබුණේ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස මහජනතාව උදෙසා ඒවා ක්‍රියාත්මක කරවීම හේතුවෙනි.මේ වන විට විද්‍යා පීඨයන්හි සිසුන් 7784 දෙනකු පමණ ගුරු පුහුණුව ලබමින් සිටින අතර එයින් 4547 දෙනකු පමණ කඩිනමින් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ සුදුසුකම් සම්පූර්ණ කරමින් සිටිති.
එම පිරිස අදාළ ක්‍රියාවලියට අනුව කඩිනමින් ගුරුවරුන් ලෙස බඳවා ගන්නා ලෙසද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම විද්‍යා පීඨ සඳහා අලුතින් බඳවා ගන්නා සිසුන් සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්වී ඇති අතර අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ සිසුන් නියමිත පරිදි බඳවා ගැනීම කඩිනම් කරන ලෙසයි.
Reply To:
Name - Reply Comment
0 Comments