.
තමා රජකිරුළ අතහැරීමට සූදානම් බව ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා (85) ටොකියෝ නගරයේ දී ප්‍රකාශකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මහජනයා අමතමින් අධිරාජ්‍යයා ලෙස අවසන් වතාවට මේ බව පවසා ඇත. වසර 200ක පමණ ඉතිහාසයේ ජපන් අධිරාජ්‍යයෙකු ස්වේච්ඡාවෙන් කිරුළ හැර යන ප්‍රථම අවස්ථාව මෙය බව පැවසේ.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හා වයස්ගත බව හේතුවෙන් මෙම තීරණය ගත්බව අකිහිතෝ අධිරාජ්‍යයා ප්‍රකාශ කර ඇත. ජපානයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් නරුහිතෝ කුමරු මීළඟ රජු ලෙස එළඹෙන බදාදා දිනයේ කිරුළු පළඳින බව ජපන් බලධාරීහු පවසති. නරුහිතෝ කුමරු ජපානයේ 126 වැනි අධිරාජ්‍යයා වේ.
ජපානයේ අධිරාජ්‍යයාට කිසිදු දේශපාලනික බලයක් නොමැති අතර ඔහු ආගමික නායකයෙකු ලෙස පෙනී සිටියි.(BBC)