Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ප්‍රතිලාභ රැසක් හිමි වන 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන එළඹෙන ඔක්තෝබර් මාසයේ දී තෝරාගත් පාසල් 42ක් තුළ ක්‍රියාවට නැංවෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. නියමු ව්‍යාපෘතියෙන් පසු 2019 වසරේ සිට මෙම වැඩසටහන සමස්ත පාසල් පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ.

කුසලතා සහ හැකියාවන්ගෙන් සමන්විත අනාගත පුරවැසියන් රටේ අධ්‍යාපන පද්ධතිය තුළින් බිහි කිරීමත්, එමඟින් වසර 2030 වනවිට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟාවීමත් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන හ හඳුන්වා දී තිබේ.

මෙම වැඩසටහන මඟින් මඟින් සිසුදරුවන්ටත්, පොදුවේ සමාජයටත් සුවිශේෂ ප්‍රතිලාභ රැසක් නිර්මාණය කරදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණයි.

සමාජ ප්‍රතිලාභ

  • දරුවන්ගේ නිපුණතා සංවර්ධනය තුළින් රටේ අනාගත ශ්‍රම බළකාය කුසලතාවන්ගෙන් පිරිපුන් ව ආර්ථික සංවර්ධනය සඳහා දායකකරගත හැකි ලෙස ශක්තිමත් කිරීම
  • පුරවැසි හා ප්‍රජා වගකීම් ඉටු කිරීම සඳහා පාසලේ සිට ම දරුවන් යොමුවීම තුළින් රටට කාර්යක්ෂම හා ඵලදායී ශ්‍රම බළකායක් නිර්මාණය වීම
  • සාමාන්‍ය පෙළ අසමත් ව ඉදිරි අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවයෙන් පෙළෙන දරු පරපුරක් වෙනුවට අනාගත අරමුණු ජයගත හැකි පිරිපුන් පෞරුෂයෙන්  යුත් දරුවකු සමාජයට දායාද වීම
  • මත්පැන්, මත්ද්‍රව්‍ය, අපරාධ, සහ වෙනත් සමාජ විරෝධී ක්‍රියා සඳහා නැඹුරුවන තරුණ ප්‍රජාවක් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් ලෙස වැඩ ලෝකයට එක්වන තරුණ ප්‍රජාවක් නිර්මාණය වීම
  • මීට අමතර ව සිසු දරුවන් වෙනුවෙන් හිමි වන ප්‍රතිලාභ රැසක් ද මෙම වැඩසටහන තුළ අන්තර්ගත ‍වනවා.

සිසු ප්‍රතිලාභ

  • වැඩ ලෝකය හා සම්බන්ධ වෙමින් සාර්ථකත්වය කරා ළඟාවීමට අවකාශ උදාවන ඉගෙනුම් අවස්ථා නිර්මාණය වීම හරහා වෘත්තීය පිළිගැනීමක් හිමිවීම
  • සාමාන්‍ය පෙළ අසමත් වීම හේතුවෙන් සිසු දරුවන්ට තම ජීවිතයේ සියලු අපේක්ෂා අතහැර දැමීම වෙනුවට ජීවිතය ජයගත හැකි පරිදි කැමති වෙනත් ක්ෂේත්‍රයකින් ඉදිරියට යාමට හැකියාව ලැබීම
  • න්‍යායාත්මක විෂයයන් වෙනුවට වඩාත් ප්‍රායෝගිකවූත්, රැකියාභිමුඛවූත් අධ්‍යාපන අවස්ථාවන් හරහා විරැකියාවට

පිළියම් ලැබීම

  • අනාගතයට ගැළපෙන අයුරින් තමා සතුව ඇති හැකියාවන් සහ ලැදියාවන් අනුව වෘත්තීය විෂයයන් තෝරාගැනීමට අවස්ථාව හිමිවීම
  • රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන් ම සමාජ, ආර්ථික ක්ෂේත්‍රයන් තුළ ද විප්ලවීය වෙනසක් මේ හරහා සිදුවන බව අධ්‍යාපනඥයින්ගේ මෙන් ම සමාජ විද්‍යාඥයින්ගේ ද අදහසයි.

(රජයේ නිල පුවත් සේවය)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.