අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් බවට හැරෙයි
- 2017-12-04 15:04:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයිනට ගිණිකොන දිගින් කිලෝමීටර් 1300ක් පමණ දුරකින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුළත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ ලකුණු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි දිනවලදී විශේෂයෙන් හෙට දිනයේ සිට දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, දකුණු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතින බවත් ඔවුන් පෙන්වා දෙයි.
අද (04දා) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යමා හා ඌව පළාත් වලත් හම්බන්තෙට දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවල එම අගය මිලි මීටර් 75ක් දක්වා වැඩිවෙනු ඇති බවයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments