අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන 24 වන දා රාජ්‍ය අනුග්‍රහයෙන්.
- 2018-02-20 17:33:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන්මහා විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක, අත් පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ලබන 24 වන සෙනසුරාදා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේදී පස්වරැ 3.00 සිදු කිරීමට ආදාහන පූජෝත්සව කමිටුව තීරණය කර ඇත.
අනුනායක හිමියන්ගේ ශ්‍රී දේහය අද (20 දා) සවස 5.00 කොළඹ ජයරත්න මල්ශාලාවේ සිට රිය පෙරහැරින් පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙන වෙත වැඩම කර වීමට නියමිත අතර, 2018/02/21 වන දින ශ්‍රී දේහය නැවත කෑගල්ල පොල්ගහවෙල හරහා නාරම්මල සීලවතී පිරිවෙන වෙත පෙ.ව 11.30 ට වැඩමවා, පස්වරැ 2.00 ට වාරියපොළ පාදෙනිය හරහා අනුරාධපුර ශ්‍රී ඝනානන්ද පිරිවෙන් මහා විහාරය සක්වා වැඩම කරවීමට නියමිතය. 2018/02/21 දින පස්වරැවේ සිට 2018/02/24 දක්වා අනුනාහිමියන්ගේ ශ්‍රී දේහය අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් මහා විහාරයේ තැන්පත් කර තැබෙන අතර 24 වන සෙනසුරාදා පස්වරැ 3.00 පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේදී ආදාහන පූජෝත්සවය සිදු කරනු ලබයි.
(උපේක්ෂා මුණවීර)
Reply To:
Name - Reply Comment
0 Comments