අද ත් තද වැසි
- 2017-09-07 09:59:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පවතින වැසි තත්වය නිසා කුකුළේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීම නිසා වලල්ලාවිට, අගලවත්ත, පාලින්දනුවර, ඉංගිරිය සහ බඳුරලිය ප්‍රදේශවල ජීවත්වන ජනතාව සැලකිළිමත්වන ලෙලස අපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිදේදනය කරයි.
රත්නපුර, ඇහැළියගොඩ ප්‍ර දේශයේ ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසද දැනුම් දී තිබේ. ගංඟ ආශ්‍රිත ප්‍ර දේශවල ජනතාවට දැඩි පූපරික්ෂාවෙන් සිටින ලෙසද දැනුම් දෙන අපදා කළමණාකරණ මධ්‍යස්ථානය බස්නාහිර, සබරගමුව, මධ්‍යම පලාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මීලිීටර් 150ක ආසන්න තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළුතර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්වලට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම මේ වන විට තවදුරටත් දීර්ඝ කර තිබේ. අඛණ්ඩව වැසි ලැබුණහොත් නාය යෑම්, කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරලීම්, පොළව ගිලා බැසීම් වාර්තා වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත යාමට සඳහා පියවර ගන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම්දී තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, අගලවත්ත, වලල්ලාවිට යන ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශ හා අවට ප්‍රදේශවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, අයගම, කිරිඇල්ල, රත්නපුර ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශවලට ද ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය සහ ආසන්න ප්‍රදේශවලට ද නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
Disaster Emergency Hotline - 117
Reply To:
Name - Reply Comment
0 Comments