අද පාර්ලිමේන්තුවේ දී ගණිත විෂය ගැන ලොකු කතාවක්
- 2016-11-22 12:47:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
‘සාමාන්‍ය පෙළ ගණිතය සමත් නොවී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව දෙනබව අධ්‍යාපන ඇමැති කිව්වා. නමුත් ගණිතය දැනුම අත්‍යවශ්‍යයි. සංගීතය කරන්නත් ගණිත දැනුම අවැසි බව අමරදේවත් කිව්වා. අපට වියුක්ත චින්තනය අවශ්‍යයි. ගණිතයෙන් තමයි අපිට සංකල්ප දෙන්නේ. මම ගරු ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා, ගණිතය නැතුව දරුවෝ උඩට ගිහින් වැඩක් නෑ. හිතන්න බැරි නම් දරුවන්ට තේරුමක් නෑ. අවුරුදු 11ක් පාසල් ගිහින් ලකුණු 35ට වැඩිය ගන්න බැරිව ළමයින් අසමත්වීමට විසඳුම ඒක නෙමෙයි. මේ රටේ අධ්‍යාපනයේ මට්ටම රැකිලා තිබෙන්නේ ගණිතය නිසා. ඒ නිසා ඔය දේ කරන්න එපා. ඒක අධ්‍යාපනයට මරු පහරක්. ගණිතය නැතුව ක්‍රිකට් ගස්සවන්නවත් යවන්න එපා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඊට පිළිතුරු දුන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ගණිතය විෂය අත්‍යවශ්‍ය උසස් පෙළ විෂයයන් සඳහා ගණිතය සමත් වීම අනිවාර්ය බවත් රොබෝ තාක්ෂණය වැනි වැඩ මූලික කරගත් විෂයයන් සඳහා ගණිතය සමත්වීම අනිවාර්ය නොකළ බවත්ය.
‘අවුරුදු 10කට පස්සේ ඔබතුමාට පෙනෙයි මම අධ්‍යාපනයට වළක් කපලා තිබෙන්නේ කියලා. කරුණාකර ගණිත මහාචාර්යවරු කැඳවා තීරණයක් ගන්න‘. යැයි බිමල් රත්නායක මහතා සඳහන් කළ අතර ‘ලෝකයේ දියුණු අධ්‍යාපන ක්‍රම සොයා බලා තමා අපි තීන්දු තීරණ අරගන්නේ. ‘ යැයි අධ්‍යාපන ඇමැතිවරයා කීය. (ලංකාදීප)
Reply To:
Name - Reply Comment
0 Comments