Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉදිරි වසර කිහිපයේදීත් අධ්‍යාපන පද්ධතිය වර්ධනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සෘජුවම ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය.

වංචා සහ දූෂණ මැඩලමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක බව වැඩිකරවීම සඳහා කටයුතු කිරීමට වත්මන් රජය කටයුතු කළ ද ඇතැම් පිරිස් සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් එම ක්‍රියාමාර්ග අසුබවාදී ලෙස විවේචනය කරනු ලබන බව ද ඒ මහතා සඳහන් කළේය.

 අමාත්‍යවරයා මෙලෙස අදහස් දක්වා සිටියේ, අද (26) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 71 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින්.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් පාසල් ළමයින් සඳහා නිල ඇඳුම් වවුචර් නිකුත් කිරීමේ නව ක්‍රමවේදය මෙන්ම තවත් ව්‍යාපෘතීන් රැසක් පිළිබඳව ඇතැම් පිරිස් විවිධ දේශපාලන දෘෂ්ඨි කෝණවලට මුවා වී විවේචනය කිරීම නිසා එම ව්‍යාපෘතිවල සැබෑ අරමුණු සහ පරමාර්ථ ජනතාව වෙත අවබෝධවීමේ මග ඇහිරී ගිය බවයි.

වෙනත් පුද්ගලයින් මෙන් කොමිස් සහ ලාභාංශ අපේක්ෂා නොකොට අදාළ ව්‍යාපෘතිවල විනිවිදභාවය සුරැකෙන අයුරින් කටයුතු කර තිබියදී ද ඇතැම් පිරිස් එම ව්‍යාපෘතීන් පිළිබඳ දේශපාලන මුහුණුවරින් පහරගැසීම කණගාටුවට කරුණක් බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  සඳහන් කළේය.

එමෙන්ම පාසල් ළමුන් සහ ගුරුවරුන් වෙත ටැබ් පරිගණක ලබා දීමේ ක්‍රමවේදය ද සිය පටු න්‍යාය පත්‍ර ඔස්සේ විවේචනය කළ ඇතැම් පිරිස් නිසා සිසුන්ට සහ ගුරුවරුන්ට හිමිවීමට තිබූ එම අධ්‍යාපන අවස්ථාවට ද බාධා මතුවී ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

පසුගිය වසර කිහිපය තුළ දී වත්මන් රජය විසින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දැවැන්ත වෙනස්කම් රැසක් සිදුකළ බවත් ඉදිරි වසර කිහිපය තුළ දී ද තවත් වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේ දී නව විද්‍යාපීඨ කිහිපයක් ආරම්භ කොට නව විද්‍යාර්ථයින් රැසක් අධ්‍යාපන පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම ඉදිරි වසර කිහිපයේදීත් අධ්‍යාපන පද්ධතිය වර්ධනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෘජුව ම ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත්  සඳහන් කළේය.

මහා සංඝරත්නය ප්‍රමුඛව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සේනානි හේවගේ මහතා සහ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.