අනතුරු නිවාරණ ජාතික සතියක්
- 2016-10-26 14:18:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාර්ග අනතුරු නිසා විපතට පත්වූවන් සැමරීමේ ලෝක දිනයට සමගාමීව නොවැම්බර් මස 15 සිට 18 වන දින දක්වා අනතුරු නිවාරණය පිළිබඳ ජාතික සතියක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු වැළැක්වීම පිළිබඳ කේන්ද්‍රීය ඒකකය වන බෝනොවන රෝග අංශය විසින් තීරණය කර ඇත.
ඉහත වැඩසටහනෙහි මාර්ග ආරක්ෂාව හා සුරක්ෂිතතාවෙ පිළිබඳ ව යෙදී ඇති දිනය වෙනුවෙන් එනම් නොවම්බර් මස 18 දින මාර්ග අනතුරු නිසා විපතට පත්වූවන් සැමරීමේ ලෝක දිනයට සමගාමීවෙ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ජාතික උත්සවයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග අංශය දන්වා සිටී. ශ‍්‍රී ලංකාව තුළ හදිසි අනතුරු නිසා පීඩාවට පත්වන සහ මියයන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතී. මේ නිසා වාර්ෂිකව මිලියනක් පමණ පුද්ගලයින්ට රෝහල්වල නේවාසික ප‍්‍රතිකාර ගැනීමට සිදු වේ. මාරක සහ දරුණු ගණයේ අනතුරුවලට ප‍්‍රධානතම හේතුව වන්නේ මාර්ග අනතුරුය. වාර්ෂිකව මාර්ග අනතුරු නිසා පුද්ගලයින් 37,000 කට අධික ප‍්‍රමාණයක් විපතට පත්වන අතර, ඒ හේතුවෙන් වාර්ෂිකව 2500කගේ පමණ ජිවිත අහිමි වීම නිසා මෙම වැඩ පිළිබල ක්‍රියාත්මක වේ.
2016 වර්ෂය වන විට මෙම මරණ සංඛ්‍යාව 2800ක් දක්වා වර්ධනය වී ඇත. බොහෝ පිරිසක් දිර්ඝ කාලීන ආබාධිත තත්ත්වයට පත් වේ. එම පුද්ගලයින්ට ප‍්‍රතිකාර කිරීමට සහ පුනරුත්ථාපනයට ද රජයට අධික වියදමක් දැරීමට සිදු වේ. මාර්ග අනතුරුවලට ගොදුරුවන්නන් අතර බහුතරයක් අවුරුදු 15 - 40 අතර වයස් කාණ්ඩයේ පිරිස් වන අතර, ඔවුන් රටේ ඵලදායී නිෂ්පාදක කණ්ඩායමට අයත් පුද්ගලයින් වෙති. මෙම තත්ත්වය රටේ ආර්ථීකයට ද බලපෑමක් එල්ල කරනු ලබයි. අධික වේගය, මාර්ග සළකුණු පිළිනොපැදීම, රියදුරන් සහ පදිකයින්ගේ නොසැළකිලිමත්කම, මාර්ග භාවිතයේ දී ජංගම දුරකථන භාවිතය, වාහනවල තත්ත්වය ආදිය මාර්ග අනතුරු සඳහා බලපාන කරුණු වුවද, අනතුරක් සිදු වූ වහාම නිවැරදිව මුලික ප‍්‍රථමධාර නොලැබීම සහ වැරදි ලෙස ප‍්‍රථමාධාර ලැබීම හා ප‍්‍රවාහනය හේතුවෙන් ද රෝගියා මියයාමට හෝ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය උග‍්‍රවීමට බලපානු ලබයි.
Reply To:
Name - Reply Comment
0 Comments