අන්තර්ජාතික තේ සමුළුවක් අගෝස්තු මස 12-13 දා බණ්ඩාරනායන සම්මන්ත්‍රණ ශාලාවේදී...
- 2017-08-10 23:48:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තේ වගාවට වසර 150 ක් සපිරෙන මේ වසරේ තව දුරටත් තේ වගාවේ දියුණුව අරමුණු කර ගනිමින් ශ‍්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාල, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය, ශ‍්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය සහ කොළඹ තේ වෙළෙන්දන්ගේ සංගමය ඇතුළු ආයතන කිහිපයක ප‍්‍රධානත්වයෙන් අගෝස්තු මස 12-13 යන දෙදින තුළ අන්තර්ජාතික සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සමුළුව සඳහා චීනය කොරියාව ජපානය ඇතුළු ලෝකයේ විවිධ රටවලින් විද්‍යාඥයන් රැසක් සහභාගි වීමට නියමිතව ඇති අතර එහිදී තේ වගාව සහ තේ කර්මාන්තය පිළබදව නවතම පර්යේෂණ තොරතුරු රැසක් එළිදැක්වීමට නියමතිය. මෙහිදී නවතම තේ වර්ග තේ සම්බන්ධව සෞඛ්‍යමය වැදගත්කම මෙන්ම තේ ආශ‍්‍රිත නිපදවනු ලබන නොයෙකුත් නිෂ්පාදන පිළිබඳව විශේෂ අවධානය යොමු වේ.
මෙම සමුළුවේ විශේෂ අංගයක් ලෙස 13 වෙනි දින කොරියානු නියෝජිතයන් විසින් තේ සංස්කෘතික රංගනයක් ඉදිරිපත් කිරීමට නියමිත අතර එතැන් පටන් තේ කලාවක් ලෙස අර්ථවත් වෙමින් වෙනත් විද්වතුන් විසින් විවිධ සමාලෝචන ඉදිරිපත් කරනු ඇත
මෙම උළෙලේ සමාරම්භය අගෝස්තු 12 වන දින උදෑසන 9.00 ට බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදි පාර්ලිමේන්තු සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු සුසිල් පේ‍්‍රමජයන්ත මහතා සහ වැවිළි කර්මාන්ත අමාත්‍ය ගරු නවීන් දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
(මාධ්‍ය ඒකකය- විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශය)
Reply To:
Name - Reply Comment
0 Comments