අන්තර්ජාලය අවභාවිතය ගැන පැමිණිලි ඉහළට
- 2017-07-17 09:54:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙයින් සියයට අසුවක් පමණ පැමිණිලි ලැබී ඇත්තේ ව්‍යාජ ෆේස් බුක් ගිණුම්වලට අදාළව බව සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි. අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමේ කිරීමේ නිරත ආයතන ලෙස පෙනී සිටිමින් කූට ලෙස මුදල් වංචා කිරීම් සම්බන්ධ පැමිණිලි කිහිපයක් ද ලැබී ඇතැයිද ඒ මහතා පවසයි.
අන්තර්ජාලය ඔස්සේ සේවා ලබා ගැනීමට යොමු වීමේදී තමන් ගණුදෙණු කරන්නේ ව්‍යාජ පුද්ගලයින් සහ ආයතන සමග නොවන බවට මුලින්ම තහවුරු කර ගන්නා ලෙසද චන්ද්‍රගුප්ත මහතා ඉල්ලීමක් කරයි.
මීට සති කිහිපයකට ඉහතදී බ්‍රිතාන්‍යය යුක්රේනය ඇතුළු රටවල් කිහිපයකට එල්ල වු පරිගණක වෛරසයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් වු බවට මෙතෙක් තොරතුරු ලැබී නැතැයිද චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් එවැනි තත්ත්වයන් ගැන තම සංසදය නිරතුරු අවධානයෙන් සිටින බවද චන්ද්‍රගුප්ත මහතා පවසයි.
සැක සහිත ඉ-මේල් පණිවිඩ විවෘත කිරීමෙන් වැළකී සිටීම මෙන්ම තම පරිගණකයේ තිබෙන වැදගත් ලිපිගොණු පිංතූර දත්ත තොරතුරු තවත් තැනක පිටපත් කර තැබීමත් (backup) වඩාත් ආරක්‍ෂාකාරී උපක්‍රමයක් බවත් එසේම තම පරිගණකයේ ස්ථාපිත කර තිබෙන ප්‍රති වෛරස මෘදුකාංගය (Virus Guard) නිරන්තරයෙන් යාවත්කාලීන කර ගැනීමෙනුත් පරිගණකය වෛරස වලට ලක්වීම බෝහෝවිට වළකා ගැනීමට හැකිවන බවත් සංසදය සඳහන් කරයි.
www.cert.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගත හැකි වේ.
(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments