Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

“අනාගත රැකියා අවස්ථා සහ ජාත්‍යන්තර ප්‍රවණතාවන් කෙරෙහි සැලකිලිමත් වෙමින් රටේ අධ්‍යාපන ක්‍රමය තුළ අවශ්‍ය වෙනස්කම් සිදුකරනවා”

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

2018 වසරේ දී පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත්වන දරුවන් සිය 13 වසරක පාසල් අධ්‍යාපනය අවසන් කොට වසර 2030 දී පාසලින් පිටවන ඔවුන් වෙනුවෙන් ගොඩනැඟෙන උසස් අධ්‍යාපන අවස්ථා සහ රැකියා අවස්ථා අදට වඩා බොහෝ සෙයින් වෙනස් වන බවත්, එම තත්වයන් කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින්, පර්යේෂණාත්මක අත්හදාබැලීම් ද සහිත ව රටේ අධ්‍යාපන ක්‍රමය තුළ අවශ්‍ය සියලු වෙනස්කම් සිදුකරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම නිල වශයෙන් සනිටුහන් කරමින් කොළඹ ඉසිපතන විද්‍යාලයේ අද (15) පෙරවරුවේ පැවති ජාතික උත්සවයට එක්වෙමිනි.

grd5 grd4

 

දැනුම පදනම් කරගත් සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් වර්තමානය වනවිට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ හඳුන්වා දී ඇති සුවිශේෂ ක්‍රියාමාර්ග සම්බන්ධ ව ද මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේය. ඉදිරියේ දී කිසිම දරුවෙකුට සාමාන්‍ය පෙළින් පාසල් අධ්‍යාපනය හමාර කරන්නට සිදු නොවන බවත්, අධ්‍යාපන අමාත්‍යවරයාගේ නායකත්වයෙන් ක්‍රියාවට නංවා ඇති 13වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ දරුවන්ගේ දක්ෂතා අනුව විෂයන් තෝරා ගනිමින් උසස් පෙළ අධ්‍යාපන වරම් ලබාගැනීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

උසස් පෙළ සඳහා අලුතින් එක්කර ඇති වෘත්තීය විෂය ප්‍රවේශය යටතේ ප්‍රායෝගික හා නූතන වැඩලෝකයට ගැළපෙන නව විෂයයක් 26ක් හඳුන්වා දී ඇති බව ද, මෙම වැඩසටහනෙහි නියාමන අදියර ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ගුරුභවතුන් බඳවාගැනීම් හා පුහුණුකිරීම ද මේ වනවිටත් ක්‍රියාත්මක ව ඇති බව ද අමාත්‍යවරයා පවසන ලදී.

grd2 grd3


එමෙන් ම, ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ නැංවීමත්, විශේෂයෙන් ම ගම්බද පාසල්වල දරුවන්ට මූලික ඉංග්‍රීසි භාෂා කුසලතා ඉහළ නැංවීමත් වෙනුවෙන් 1, 2 ශ්‍රේණි සඳහා ද ඉංග්‍රීසි පෙළ පොත හඳුන්වා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

අලුතින් ම පාසල් අධ්‍යාපනය අරඹන කුඩා දරුවන්ගේ මානසික සංවර්ධනය කෙරෙහි සැලකිලිමත් වෙමින් නිවැරදි ව අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් ප්‍රාථමික අධ්‍යාපන ගුරුවරුන්ට සුවිශේෂ කාර්යභාරයක් පැවරෙන බව ද, අවධාරණය කළ අමාත්‍යවරයා, මේ වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත්වන 340000කට අධික සියලු සිසුදරුවන්ට ජයග්‍රාහී අනාගතයකට සිය සුබ පැතුම් ද එක් කළේය.

(අධ්‍යාපන අමාත්‍යාංශය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.