තමන් කළ යුතු දේ කළ යුත්තේ නිසි කාලය පැමිණි පසුවයි - සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පරිපාලන) එම්. කරුණාරත්න
- 2016-11-03 11:56:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තමන් කළ යුතු දේ කළ යුත්තේ නිසි කාලය පැමිණි පසුවයි. එසේ නොමැති නම් ජීවිතයම අසාර්ථක වෙනවා. යැයි උතුරු මැද පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පරිපාලන) එම්. කරුණාරත්න මහතා කීය. අනුරාධපුර මාධ්‍ය අධ්‍යාපන වැඩමුළුව ආරම්භ කරමින් ඒ මහතා එසේ කීය.
උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ විජය ළමා පුවත්පත සහ ලංකා මාධ්‍ය අධ්‍යාපන සංගමය එක්ව සංවිධානය කරන ලද ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබද මාධ්‍ය අධ්‍යාපන වැඩමුළුව නොවැම්බර් 3-4-5-6 දිනවල උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තනේතු ශ්‍රවනාගාරයේ දී අද (3)දා ආරම්භ විය.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඊ.එම්.එන්.ඩබ්ලිව්. ඒකනායක මහත්මියගේ උපදෙස් පරිදි, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) එම්.කරුණාරත්න මහතාගේ අධීක්ෂණයෙන් වැඩමුළුව පැවැත්වේ. ආචාර්ය බන්දුල පී දයාරත්න මහතා වැඩමුළුව මෙහෙයවනු ලබයි. වැඩසටහන සඳහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරණු ලබන සිසු සිසුවියන් 100 ක් සහ ගුරුවරුන් 25 දෙනකු සහභාගී සිටී.
Reply To:
Name - Reply Comment
0 Comments