Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අපද්‍රව්‍ය කළමනාකරණය කරමින් සුන්දර පරිසරයක් පවත්වාගෙන යාම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘතිය මඟින් මූල්‍යාධර ප්‍රදානය කිරීමේ ගිවිසුම් අත්සන් තබයි. 2018 වර්ෂයේ ආරම්භයේදී ම එවැනි වැඩසටහන් කිහිපයක් සඳහා මූල්‍ය ආධාර ප්‍රදානය කිරීමක් බත්තරමුල්ලේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පසුගිය දා සිදු විය. මධ්‍යම පරිසර අධිකාරියේ සභපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතාගේ හා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අදාළ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාව සඳහා කොළඹ 
විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ලක්ෂමන් දිසානායක, වලපනේ ප්‍රාදේශීය සභාවේ වැඩබලන ලේකම්,පී.එස්.බී.මඩුගල්ලේ මහතා ඇතුළු පිළියන්දල එස්.ඕ.එස්. ළමා ගම්මානයේ හා මහඔය ප්‍රාදේශීය සභාවේ 
නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් එක් විය. අදාළ ආයතනයන් හී දෛනික ඒකරාශී වන අපද්‍රව්‍ය කළමනාරකණය කර ගැනිම සඳහා ජීව වායු ඒකක ඉදිකිරීම සඳහාත්, කොම්පොස්ට් අංගනවලට අවශ්‍ය පහසුකම් වර්ධනය කර ගැනීම සඳහාත් මෙන්ම අවශ්‍ය යටිතල පහසුකම් සපුරා ගැනීම සඳහත් මූල්‍යාධාර ලබාදීම පියවරෙන් පියවර සිදුවනු ඇත. අදාළ  ප්‍රදානයන් සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර ගිවිසුම් අත්සන් කිරීම හා මූදල් අත්තිකාරම් ප්‍රදානය කිරීමත් 
මෙහිදී සිදුවිය.

(රජයේ නිල පුවත් සේවය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.