Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

තම වැඩිමහල් සහෝදරයා වෙනුවට ප්‍රායෝගික පරීක්ෂණයකට ඉදිරිපත් වූ බාල සහෝදරයෙකු පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසැල් සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමට අදාළව පනාගොඩ යුද හමුදා කඳවුරේ පැවැති ප්‍රායෝගික පරීක්ෂණයක් අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

පසුගිය සිකුරාදා දිනයේ අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන අයදුම්කරුවන්ට අදාළ, ප්‍රායෝගික පරීක්ෂණ පනාගොඩ යුධ හමුදා පරිශ්‍රයේ පැවැත්විණ. එහිදී අදාළ පුද්ගලයා ද ඉදිරිපත් වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන වෙනත් අයදුම්කරුවෙකු වෙනුවටය.

අමාත්‍යාංශ නිලධාරින් විසින් දීර්ඝ වශයෙන් ඔහුගෙන් ප්‍රශ්න කොට, ලිපි ලේඛන පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ ඔහු තම වැඩිමහල් සහෝදරයා වෙනුවට ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිට ඇති බවය.

ඉන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරින් විසින් පොලීසිය දැනුවත් කිරීමෙන් පසු අදාළ පුද්ගලයා හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව ඔහු සන්තකයේ තිබූ ජාතික හැඳුනුම්පත් දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය සංවර්ධනය කරමින් දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසැල් සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් 3800 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර ඇත. 

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.