අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර තැපැල් කරයි
- 2016-07-08 11:01:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 240991කගේ ප්‍රවේශපත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන් 74614ක ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනය වෙත ද තැපැල් කර තිබේ.
පාසල් වෙත ලැබුණු ප්‍රවේශ පත්‍ර කිසිම හේතුවක් නිසා විදුහල්පතිවරුන් වෙත තබා ගත නොගත යුතු අතර ප්‍රවේශපත්‍ර නොපමාව අදාළ අයදුම්කරුවන් වෙත බෙදා දිය යුතු
නියමිත දිනට ඉල්ලුම්පත් ඉදිරිපත් කර ප්‍රවේශ පත්‍ර නොලද පෞද්ගලික අයදුම්කරුවන් වෙතොත් තමා ඉදිරිපත් කළ ඉල්ලුම්පතේ පිටපතක්, විභාග ගාස්තු ගෙවූ කුවිතාන්සියේ ඡායා පිටපතක් හෝ විභාග ගාස්තු ගෙවූ බවට තැපැල් ස්ථානාධිපතිගෙන් ලබාගත් සහතික කළ ලිපියක් සහ අයදුම්පත ලියාපදිංචි තැපෑලට යොමු කළ කුවිතාන්සිය විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත ඉදිරිපත් කර ප්‍රවේශපත්‍රය ලබා ගත හැකිය.
ප්‍රවේශ පත්‍රයෙහි විෂය සංශෝධනය, භාෂා මාධ්‍ය සංශෝධනය හෝ වෙනත් සංශෝධන සිදු කිරීමට අවශ්‍ය පාසල් අයදුම්කරුවන් තම විදුහලේ විදුහල්පති මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින් ද ලබන 15 වැනි දිනට පෙර පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත යාමු කර අදාළ සංශෝධන සිදු කර ගත යුතු බව ඒ මහතා සඳහන් කරයි.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2204ක් හාසම්බන්ධීකරණ මධ්‍යස්ථාන 205ක් යටතේ මෙ විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති තර 27,000ක කාර්ය මණ්ඩලයක් යොදවා ඇත. (ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
මේ සම්බන්ධයෙන් විමසීමක් ඇතොත්
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව- 0112784537/0113188350/0113140314
ෆැක්ස්- 0112784422
ක්ෂණික ඇමතුම් අංකය- 1911
Reply To:
Name - Reply Comment
0 Comments