ආඝාතයෙන් දිනකට රෝගීන් 04 ක් ජාතික රෝහලට
- 2016-10-25 09:29:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මුළුමනින්ම පාහේ වළක්වාගැනීමට හැකියාව පවතින ආඝාතය (Stroke) නිසා මේ වනවිට දිනකට හතරදෙනෙකු පමණ ජාතික රෝහලට ඇතුළත් වන බව ජාතික ආඝාත සංගමයේ වත්මන් සභාපති ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය එම්.ටී.එම්.රිෆ්සි මහතා පැවසීය.
සම පැහැපත් අයට වඩා වර්ණය අවපැහැ පුද්ගලයන් මේ රෝගයට ගොඳුරු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
ලබන 29 වැනිදාට යෙදෙන ලෝක ආඝාත දිනය වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.
ආඝාතය සම්බන්ධයෙන් සැලකිලිමත්භාවය අඩු බවක් දක්නට ඇති හෙයින් ආඝාතයට ගොදුරුවූ අයෙකු රෝහල්ගත කිරීමේ අදටත් ප්‍රමාදයක් දකින්නට ඇති බවදඒ මහතා කියා සිටියේය. ආඝාතයකට ගොදුරු වූ බව දැනගත් වහාම පැය තුනක් ගතවීමට ප්‍රථම රෝහල්ගත කිරීමෙන් රෝගියා ඉක්මන් සුවය වෙත ළඟා කරවන්නට උපකාරීවන එන්නතක් පවතින බවත්, එයින් රෝගියාට ආඝාත තත්ත්වය ඇති කළ ලේ කැටිය දියකර හරිමින් සාර්ථකත්වය ළඟා කරගත හැකි බවත් එහිදී සඳහන් කෙරිණි.
දියවැඩියාව, අධික කොලෙස්ටරෝල් හා අධිරුධිර පීඩනය ආඝාතය කෙරෙහි බලපානු ලබන බෝනොවන රෝග අතර ප්‍රධාන වන බැවින් එම රෝග පාලනය කිරීම තුළින් ආඝාත අවදානම දුරු කරගත හැකි බවද එහිදී අනාවරණය වූ අතර, එම රෝග අතරින්ද වැඩිපුරම ආඝාතය කැඳවීමට දායක වනුයේ අධි රුධිර පීඩනය බැවින් එය පාලනය කිරීමට හැමවිටම අවධානය යොමුකළ යුතු යැයිද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
ශරීරයේ එක් පසෙක මුහුණ, කකුල හෝ අතක ඇතිවන හිරිවැටීම හෝ පණ නැති වීම, සිහිකල්පනාවේ වෙනසක්, කතා කිරීමේ අපහසුතාවක් හෝ කෙනෙකුගේ කතාව වටහාගැනීමේ අපහසුතාව, ක්ෂණිකව ඇතිවන පෙනීමේ වෙනස හෝ බොඳවී යාම, ක්ෂණිකව ඇතිවන තද හිසරදය ආඝාතයේ ලක්ෂණ වීමට ඉඩ ඇති බැවින් මෙවන් රෝග ලක්ෂණ ඇතිවූ විට ප්‍රධාන රෝහලක් වෙත පැමිණ ඉහත තත්ත්වයන් පරීක්ෂා කරවා ගන්නැයි ජාතික ආඝාත සංගමය ඉල්ලිමක් කරයි.(wmdjb)
Reply To:
Name - Reply Comment
0 Comments